තොරතුරු ලබා දීමේදී සුදු වූ දෝෂයකි මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය කරුණු දක්වයි.

Date:

විවර වෙබ් අඩවියේ පළ වූ පුවතක කරුණු සම්බන්ධයෙන් එම පුවතේ වගඋත්තරකරුවෙකු වූ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය මහතා එම පුවතට අදාළ කරුණු ලබා දීමේදී සිදු වූ දෝෂයක් පිළිබඳව අදහස්  දක්වා තිබෙනවා. ශාන්ත විජේසුරිය මහතා සහ බිරිඳ රිය  අනතුරකට පත්වීම සම්බන්ධයෙන් අප පළ කළ එම පුවතට තොරතුරු ලබා දීමේදී සිදුවූ ප්‍රමාද දෝෂයක් එහි සඳහන්ව තිබෙන අතර එම දෝෂය සිදුවී ඇත්තේ තොරතුරු ලබාදුන් පුද්ගලයා අතින් බව ඔවුන් පිළිගෙන තිබෙනවා. අදහස් දැක්වීමේ අයිතියද නිවැරදි කිරීමේ වගකීමද  තහවුරු කරමින් එම  නිවේදනයද මෙසේ උපුටා දක්වමු .

පුවතේ දෝශය නිවැරදි කළ සමාධ්‍යවේදී ශාන්ත විජේසුරිය මහතාගේ නිවේදනය

2020 .මැයි 20 වනදා රාත්‍රියේ සිදු වු රිය අනතුරින් මමත් මගේ බිරිදත් තුවාල ලැබුහ . රිය අනතුරින් මගේ දකුණ පාදයේ අස්ථිය බිදී ,පාදයට බරපතළ තුවාල සිදු විය . චන්දිගේ තත්වය බරපතළ නැතත් ,තුවාල නිසා ඇයවත් රෝහල් ගත කරන ලදි .

මෙම රිය අනතුරත් සමග මුහුණ පොතන් සුව ප්‍රාර්ථනා කළ , දුරකථනය මාර්ගයෙන් සුව දුක් විමසා බැලු , සහ සිය කැමැත්තෙන් මුදල් සහා වෙනත් උපකාර කළ , දෙස් ,විදෙස් සහෝදර ,සහෝදරියන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද සිටින්නෙමු .

රෝහල් ගත කර මොහෙතේ සිට අප ගැන සොයා බලා ඊට මැදිහත් වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහා රතු ව්‍යාපාර සහෝදරවරුන්ටත් අපගේ හෘදයාංගම සහෝදරත්වය පුද කර සිටිමු.

රිය අනතුර පිළිබදව විවර නිව්ස් වෙබ් අඩවියේ ” මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහා බිරිඳ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් කරයි ” යන සිරස් තලය යටතේ ,ප්‍රවෘත්තියක් පල විය . එම ප්‍රවෘත්තිය පල කර , දැක්වු සහයෝගය සම්බන්ධයෙන් විවර නිව්ස් වෙබ් අඩවියට මම ස්තුතිය පල කර සිටිමි .

රිය අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයු පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් (73182 ) විජිත විසින් මුදල් ලබා ගෙන අනතුර සිදු කළ රියදුරුව අත් අඩංගුවට ගත් (2020 මැයි 20 වන) දිනයේ මුදාහැරියා යන අදහස හැගෙන අයුරින් ප්‍රවෘත්තියේ සදහන් වු කොටස සත්‍ය නොවෙයි. එම වැරැද්ද සිදු වී ඇත්තේ , විවර නිව්ස් වෙබ් අඩවියේ දෝෂයකින් නොව , මගේ ඥතින් එම වෙබ් අඩවියට තොරතුරු ලබා දීමේදී ඇති වු අත්වැරද්දක් නිසා වෙනි. අනතුර සිදු කළ රියදුරු මුදල් ලබා දී පැනයාමට උත්සහා කර ඇත්තේ විජිතට නොව පිළියන්දල පොලිසියේ උසස් නිලධාරියෙකුටය.

පිළියන්දල පොලිසියේ අනිකුත් නිලධාරින්ට සාපේක්ෂව විජිත අවංක නිලධාරියෙකි . එම ප්‍රවෘත්තිය නිසා ඔහුට යම් අපහසුතාවයක් සිදු වුයේ නම් ,ඒ ගැන මගේ බලවත් කනගාටු ප්‍රකාශ කරමි.

මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විජිතට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් පැවැත්වුහොත් ඔහු වෙනුවෙන් මම පෙනි සිටිමි.

පැරණි පුවත

මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහ බිරිද රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකරයි

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...