ලේ බැංකුවේ පුළුන්, සර්ජිකල් ස්පිරිට් වැනි අත්‍යවශ්‍ය ද්‍රවය පවා හිඟ වෙයි

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය හෙවත් “මධ්‍යම ලේ බැංකුව” එහි කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික ද්‍රවය පවා නොමැති තත්ත්වයට පත්ව ඇතැයි එහි අධ්‍යක්ෂකවරයා පවසයි.

ලිපියක් යොමුකරමින් එහි අධ්‍යක්ෂකවරයා සර්ජිකල් ස්පිරිට්, පුළුන්, ගෝස් වැනි ද්‍රවය ලබාගැනීම සඳහා සහය ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙය දැනට රටේ පවතින ප්‍රධාන සෞඛ්‍ය සේවය ලබාදෙන ස්ථානයක් වන අතර මෙවැනි ස්ථානයක තත්ත්වය මෙසේ නම් දුෂ්කර රෝහල්වල තත්ත්වය කෙසේ වෙනු ඇතිදැයි වෛද්‍ය විශේෂඥයන් ප්‍රශ්න කර සිටියි. මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවිය හැකි බව කලින් දැන සිටියදී පවා ඒ ගැන සැලකිලිමත් නොවීම නිසයි.

පහත දැක්වෙන්නේ අධ්‍යක්ෂකවරයා විසින් අදාළ ද්‍රවය ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම ඇතුලත් ලිපියයි.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...