ආණ්ඩුව පම්පෝරි ගහන්නෙ අධ්‍යාපනය පරිවර්තනයක් කරන්න. හැබැයි ගහන කයියෙයි කරන වැඩවලයි අතර තියෙන්නෙ අහසට පොළව වගේ වෙනසක්.
අධ්‍යාපනයෙ සැලකිය යුතු පරිවර්තනයක් කරන්න නම් ප්‍රාග්ධන වියදම් වැඩි කරන්න ඕන. ප්‍රාග්ධන වියදම් හරහා තමයි යටිතල පහසුකම් මෙන්ම පුහුණු මානව ශ්‍රමයක් ගොඩනගන්න මුදල් වෙන් කරන්නෙ. හැබැයි මේ ආණ්ඩුව කරල තියෙන්නෙ අධ්‍යාපනයේ ප්‍රාග්ධන වියදම් මිලියන 500කින් අඩු කිරීම.
ආණ්ඩුව මහා පරිවර්තනයකුත් යෝජනා කරනව අධ්‍යාපන ක්ෂේත්‍රයට. පාසල් වහල අලුතින් හදනව කියලත් කියනව. අපේ විරෝධතාවය මැද උනත් ප්‍රතිසංස්කරණ කරනව කියලනේ කියන්නෙ. හැබැයි එහෙම කියල ප්‍රාග්ධන වියදම් කපනව. ඒකයි මේ ප්‍රතිසංස්කරණ ගැන උන්දැලාටවත් බරක් නෑ කියල අපි කියන්නෙ. ADB කියන දෙයක් කරන එක තමයි ඉතින් අපේ රටේ වෙන ප්‍රතිසංස්කරණ කියන්නෙ.
ඒව ඒ විදියට උනාට ආණ්ඩුවෙ මන්ත්‍රීලට සැප වාහන ගේන්න බිලියන 12.5ක්ම වෙන් කරගෙන. පහුගිය කාලෙ ආණ්ඩුව වාහන සංදර්ශන පැවැත්තුව. පරණ ආන්ඩු වාහන පෝලිමට ගෙන්නල කියල කිව්ව. වාහන උතුරන්න තියනව කියල වෙන්දේසි කලා. දැන් ආපහු කියනව වහන නෑලු මන්ත්‍රීලට වැඩ කරන්න. අනේ අනේ.
සම්ප්‍රදායික දේශපාලනය වෙනස් කරනව කියල තමයි මෙයාල ආවෙ. එහෙම ඇවිත් මොකද්ද කරන්නෙ. මන්ත්‍රීලගෙ ප්‍රතිරූප පුම්බන්න බිලියන 2.5 ක් වෙන් කරල. එක මන්ත්‍රි කෙනෙකුට මිලියන 10 ගානෙ. මහජන බදු මුදල් ඒ විදියට දෙන්නෙ වෙන දේකට නෙවෙයි. මන්ත්‍රීලගෙ ඡන්ද පදනම රැකගන්න ඕන නිසා ගමේ ඉන්න අහිංසක මිනිස්සු ඉස්සරහ ප්‍රතිරූප පුම්බන්න.
වැඩේ තියෙන්නෙ ඒවට සල්ලි ටික කපාගන්න ගමන් අපට බදු අඩු කරල නෑ. අපට බදු ගහනව. අධ්‍යාපනයෙ ප්‍රාග්ධන වියදම් කපනව.
ඒ විතරක් නෙවෙයි රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ගියපාර වෙන් කරපු මුදලවත් මේ පාර දීල නෑ. මිලියන 1600කින් ඒක කප්පාදු කරල. එහෙම වෙලා තියෙද්දිත් සමහරු ප්‍රශස්ති ගයනව. සතුටු නැද්ද කියල අපෙන් අහනව.
මරු නේ.
මංගල මද්දුමගේ






