Breaking News

අරගලය මත ඉදිරි පියවර තබන මීගමුව මහජන කවුන්සලය ….

සැම්සන් ඥානසිරි

මේ එලඹී ඇත්තේ මැතිවරණ සමයකි. මෙවැනි සමයක මහජන ප්‍රශ්ණ වෙන්දේසි වීම සාමාන්‍ය තත්වයකි. මෙතෙක් අප අත්දකින ලද දේ එයයි. නමුත් අද මහජන ප්‍රශ්ණ සඳහා පාරට බැස සටන් කරන්නේ මහජනතාවමය. ඒ් සංවිධානාත්මකව ගොඩ නැගෙන මහජනතාවයි.

මීගමුව නගරයේ පමණක් නොව අපේ රටේ සෑම අස්සක මුල්ලකම අරගලයේ ආශ්වාදය පැතිර ගොස් ඇත .එසේම මෙතෙක් තමන්ගේ සියළු දුක්ඛ දෝමනස්සයන්ට විසඳුම් බලාපොරොත්තුවූයේ තමන්⁣ වෙනුවෙන් පෙනීසිටී යැයි විස්වාස කළ පුද්ගලයෙකු මතය. නමුත් එකී දේශපාලනික වටපිටාව අද වෙනස් පදනමකින් චලනය වන බවක් පෙනෙන්නට ඇත . මේ අනුව ජීවත්වීම සඳහා අරගල කළ යුතුය යන්න පුරවැසියා අවබෝධ කර ගනිමින් සිටී. ඒ සඳහා ඔවුන්ට ශක්තිය සපයන තැන බවට පත්වී ඇත්තේ මහජන කවුන්සලයයි. එසේම එය අරගලයේ නිමි ඵලයයි.

අද ( 04 ) රටේ පාලකයෝ අතිවිශාල ධනස්කන්ධයක් වැයකර එක ස්ථානයකට එක් රොක්වී ඊනියා නිදහස තලුමරද්දී, ජනතාව තමන්ට එවැනි නිදහසක් නැතිබව පෙන්වමින් රටේ අග නගරයේ සහ විවිධ ප්‍රදේශයන්හි තම විරෝධතාවය දක්වා හඬ නගති. මෙහි දැක්වෙන්නේ මීගමුව මහජන කවුන්සලය විසින් සංවිධානය කළ ජනතා විරෝධතාවයේ අවස්ථා කිහිපයක දර්ශනයන්ය.

leave a reply