අරගලය මත ඉදිරි පියවර තබන මීගමුව මහජන කවුන්සලය ….

මේ එලඹී ඇත්තේ මැතිවරණ සමයකි. මෙවැනි සමයක මහජන ප්‍රශ්ණ වෙන්දේසි වීම සාමාන්‍ය තත්වයකි. මෙතෙක් අප අත්දකින ලද දේ එයයි. නමුත් අද මහජන ප්‍රශ්ණ සඳහා පාරට බැස සටන් කරන්නේ මහජනතාවමය. ඒ් සංවිධානාත්මකව ගොඩ නැගෙන මහජනතාවයි.

මීගමුව නගරයේ පමණක් නොව අපේ රටේ සෑම අස්සක මුල්ලකම අරගලයේ ආශ්වාදය පැතිර ගොස් ඇත .එසේම මෙතෙක් තමන්ගේ සියළු දුක්ඛ දෝමනස්සයන්ට විසඳුම් බලාපොරොත්තුවූයේ තමන්⁣ වෙනුවෙන් පෙනීසිටී යැයි විස්වාස කළ පුද්ගලයෙකු මතය. නමුත් එකී දේශපාලනික වටපිටාව අද වෙනස් පදනමකින් චලනය වන බවක් පෙනෙන්නට ඇත . මේ අනුව ජීවත්වීම සඳහා අරගල කළ යුතුය යන්න පුරවැසියා අවබෝධ කර ගනිමින් සිටී. ඒ සඳහා ඔවුන්ට ශක්තිය සපයන තැන බවට පත්වී ඇත්තේ මහජන කවුන්සලයයි. එසේම එය අරගලයේ නිමි ඵලයයි.

අද ( 04 ) රටේ පාලකයෝ අතිවිශාල ධනස්කන්ධයක් වැයකර එක ස්ථානයකට එක් රොක්වී ඊනියා නිදහස තලුමරද්දී, ජනතාව තමන්ට එවැනි නිදහසක් නැතිබව පෙන්වමින් රටේ අග නගරයේ සහ විවිධ ප්‍රදේශයන්හි තම විරෝධතාවය දක්වා හඬ නගති. මෙහි දැක්වෙන්නේ මීගමුව මහජන කවුන්සලය විසින් සංවිධානය කළ ජනතා විරෝධතාවයේ අවස්ථා කිහිපයක දර්ශනයන්ය.

Share post:

Popular

වෙනත් පුවත්

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...