ගෑස් සමාගම් ලාභ වෙනුවෙන් ජන ජීවිත අනතුරේ හෙලීමට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයක

ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස සහ බඩු මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඉදිරිපිට දී පැවත්වී තිබේ. මෙම උද්ඝෝෂණයේ ප්‍රධාන තේමාවන් වූවේ ‘මිනීමරු ගෑස් සිලින්ඩර ආපසු ගෙන්වනු ! වන්දි ගෙවනු!’ සහ ‘බඩු මිල දරන්න බෑ! සහන දියව්!’ යන්නයි.

එහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ ආණ්ඩුව සමාගම්වල ලාභය වෙනුවෙන් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත බිල්ලට දී ඇති බවයි. එසේම මේ මොහොතේ ආරක්ෂාකාරීව බාවිතා කිරීමට හැකි ගෑස් සාමාන්‍ය ජනතාවට ලබාදෙන ලෙසද හානි සිදුවූ ජනතාවට වන්දි ගෙවන ලෙසද ආණ්ඩුවට බලකර සිටින බව ඇය පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...