වාහනවල ටයර් පරික්ෂා කිරීම අත්හිටුවයි

ගෙවීගිය, භාවිතයෙන් ඉවත් කළ යුතු තත්ත්වයේ පවතින ටයර් සහිතව ධාවනය වන රථ වාහන පිළිබඳව පරීක්ෂා කිරීමේ තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කර ඇත.

මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග බොහෝ දෙනාගෙන් රජයට එල්ල වූ විවේචනය වූයේ රථ වාහනවලට අවශ්‍ය ටයර් සැපයුම සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන ටයර් තොග දේශීය වෙළඳපොලේ නොතිබියදී ගෙවීගිය ටයර් පරීක්ෂා කිරීම හා එවැනි ටයර් භාවිතා කරන්නන්ට දඩ මුදල් නියම කිරීම අසාධාරණය බවයි. එසේම රජයට අයත් වාහන පරීක්ෂා නොකර පෞද්ගලික වාහන පමණක් පරීක්ෂා කරන බවටද චෝදනා එල්ල විය.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමගම භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ටයර් ආනයනයද ඒ අනුව සීමා කෙරිණි. මේ වනවිට දේශීය වෙළඳපොලේ ටයර් සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒ නිසාම ටයර් මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇත.

මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ‍අදාල වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...