කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික පොහොර ගේන්න අවසර

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර ලැබෙන බව ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ මොහොතක පූර්ණ වශයෙන් එම තහනම ක්‍රියාත්මක නොකොට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසිවලට අනුව මැයි මස 6 වන දායින් පසුව ඇතැම් ද්‍රව්‍යයන් ගෙන ඒමට අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණ කිරීමත් සමඟ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට නිකුත් කර තිබූ සියලුම බලපත්‍ර අවලංගු විය.

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 6 වැනිදා 2226/48 දරන ගැසට් පත්‍රයෙන් මේ සම්බන්ධව නිවේදනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආනයන අපනයන පාලක ජනරාල්, දමයන්ති කරුණාරත්න පවසන්නේ, කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය පූර්ව අනුමැතියකින් පසුව ගෙන්වීමට අවසර ලබා දෙන බවයි.

අදාළ කර්මාන්තවල අවශ්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවද ඇය සඳහන් කර තිබේ.

රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ මොහොතක නැවත රජය ගෙන තිබෙන මෙම තීරණයත් සමඟ රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කරන සමාගම් ව්‍යාකූලත්වයකට පත් වී ඇති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...