කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික පොහොර ගේන්න අවසර

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර ලැබෙන බව ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ මොහොතක පූර්ණ වශයෙන් එම තහනම ක්‍රියාත්මක නොකොට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසිවලට අනුව මැයි මස 6 වන දායින් පසුව ඇතැම් ද්‍රව්‍යයන් ගෙන ඒමට අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණ කිරීමත් සමඟ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට නිකුත් කර තිබූ සියලුම බලපත්‍ර අවලංගු විය.

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 6 වැනිදා 2226/48 දරන ගැසට් පත්‍රයෙන් මේ සම්බන්ධව නිවේදනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආනයන අපනයන පාලක ජනරාල්, දමයන්ති කරුණාරත්න පවසන්නේ, කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය පූර්ව අනුමැතියකින් පසුව ගෙන්වීමට අවසර ලබා දෙන බවයි.

අදාළ කර්මාන්තවල අවශ්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවද ඇය සඳහන් කර තිබේ.

රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ මොහොතක නැවත රජය ගෙන තිබෙන මෙම තීරණයත් සමඟ රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කරන සමාගම් ව්‍යාකූලත්වයකට පත් වී ඇති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...