සේපාල් අමරසිංහ අත්අඩංගුවට

යූටියුබ් ප්‍රකාශකයෙකු වන සේපාල් අමරසිංහ ශ්‍රී දළඳා මාලිගාව සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සහ බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් ජනක සේනාධිපති සහ සේපාල අමරසිංහ යන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද පෙරවරුවේ පරීක්ෂණ ආරම්භ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සඳහා යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල, පොතුහැර, වදකඩ පාරේ ව්‍යාජ ‘ශ්‍රී දළදා මාලිගාවක්’ ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර ඇත.

ශ්‍රී දළඳා මාලිගාව යැයි පවසමින් ගොඩනැගිල්ලක ඉදිකිරීම් සිදුවෙමින් පවතින බව මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් කියා සිටියා.

සේපාල අමරසිංහ විසින් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කරන ලද වීඩියෝ දර්ශනවල බුදුදහමට අපහාස වන ප්‍රකාශ ඇතුළත් බව ද මහානායක හිමිවරු සිය ලිපියෙන් ප්‍රකාශ කර තිබේ.

මෙමගින් බුදුදහමට හා ඓතිහාසික ‘ශ්‍රී දළදා මාලිගාවට’ හානියක් සිදුවන බව පවසමින් මේ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...