ඉතින් ශ්‍යාමලී වසන්තා සුබසිංහ කියන චරිතය මන් අදුනගන්නෙම මුණු පොතෙන්. එයාගේ සමනලී කතාව තමයි මගේ හිත ඇඳ බැඳ ගත්ත ලස්සනම ප්‍රථමයෙන් මන් කියවපු කතාව උනේ.සමනලී මොන තරම් හිතට ඇල්ලුවද කිවොත් මන් එයාගේ හෙන ෆෑන් කෙනෙක් උනා.එයාගේ වෝල් එක පුරා ගිහින් ඔක්කොම කතා කියවන පිස්සුවක් මට හැදුණා. ඉතින් සත් සියපත් /සිතින් ගිලිහි යමි කෙසේ /ඔබ යන්නම යන්නම යනවා නම් ඒවා අතර කීපයක්.
ඉතින් මෙච්චර රහට ලියන ඒ සුකුමාල කෙල්ලව බලන්න මගේ හිතේ තිබ්බේ මහා පුදුම ආසාවක්.ඔන්න ඒකටත් අවස්තාවක් උදා වුනා අපේ ආදරණිය මිතුරිය ගිම්හානිගේ අදිසි පොත එලි දැක්වීමේ උත්සවයේදී.
ඉතින් මේ අපුරු හිතවතියගේ පොත් ටික ඔක්කොමත් කියවන්න මට තිබ්බේ හරිම අසාවක්.මොකද ඒ පොතක් කිසිම වෙලාවක බිම නොතියා එක දිගට කියවගෙන යන්න පුළුවන් විදියේ අරුම පුදුම රසයක් තිබ්බා.නිකම් මාව මායාවක ගිල්වල ගත්තා වගේ. එයාගේ ලස්සනම ලස්සන” දේදුණු පාළම ” කිසිම ලෝබකමකින් තොරව ඔයා මේක ගන්න නංගි කියලා එයා ඒ පොත අත්සනත් දාලා හරි ආදරෙන් දුන්නම මට ඉතින් උඩ පැනලා නටන්න තරමේ සන්තෝෂයක් දැනුනලු.ඉතින් ඒ ආදරණිය හිතවතියගේ දේදුණු පාලම ගැනයි මේ කෙටි සටහන.
සේයා කියන්නේ හදිසියියේම තම පියාගේ අභාවයෙන් හරිම අසරණ තත්වයකට අද වැටෙන වෛද්‍ය ශිෂ්‍යාවක්. පියාගේ මරණින් මානසික අසමතුලිත තාවයට පත්වෙන තම මව සහ නැගණියන් දෙපලත් මලනුවනුත් රැක ගන්න නොවිදිනා දුකක් විදිමින් නමුත් වෛද්‍ය විද්‍යාලයටත් ඇතුල් වී උපාධිය ගන්නා ගමන් ඇගේ ජිවිතයේ සාර්ථකත්වය කරා පිය නගන දිරිය දුවණියකගේ චරිතයක්. ඉතින් මේ අතරේ හරි ලස්සන අදර කතාවකුත් යනවා සේයා සහ මේඝ (බතලයා ) අතර. තවත් එක
ආදර කතාවක් නොවී එහි හරි අපුරු පැත්තකුත් අපිට ඇය පෙන්වා දෙනවා.මේඝ කියන්නේ ඉතාම ධනවත් නමුත් ආදරයෙන් පැරදී සිත රිදවාගෙන තමන් තමන්වම අමතක කර ජිවත් වන චරිතයක්.ඉතින් සේයා තමන්ගේ ආදරයෙන් මොහුව සිත සනසා නැවත ඔහුගේ ලස්සන ජිවන චරිතයට ඇදලා ගන්නවා.ඒ වගේම තම පියාගේ හිතුවක්කාර විවාහය නිසා අහිමිව යන ඔහුගේ නෑදෑ පරපුරත් ඇය අවසානයේ තමන්ගේ කරගන්නේ කියවන අපේ හිත් වලට පවන් සලමින්.ඒ විතරක් නෙමේ තමන්ගේ මව අනාත නිවාසයක හැදී වැඩුණු දරුවෙක් වුවත් ඇයගේ නියම පවුලේ අයවත් එකතු කරන්නට මේ සේයාට හැකි වෙන්නේ අපේ සිත් අමන්දානන්දයට පත් කරමින්.
ඉතින් මේ සොඳුරු ලියන්නියගේ ඒ අපුරු වචන මගේ නම් හිත හරිම තදින් ඇද බැද ගත්තා කිවොත් නිවැරදි. අමාරු අප්‍රභංස කථාවක් කියවලා ඔලුව නන්නත්තාර වෙලා ඉන්න වෙලාවට මේ ශ්‍යාමලී වසන්තා සුභසිංහයන්ගේ පොතක් කියන්නෙම ඉතින් සිනහව පිරුණු හිත පිරිමදින හිත හදන නලවන පොතක්මයි. දේදුනු පාලම කියන්නෙත් අන්න ඒ වගේ හරිම සරල නමුත් රසයෙන් අනුන පොතක්.ආයේ ආයෙම කියවා රසවිදිය හැකි පොතක්.හිත සතුටින් පුරවා දමන පොතක්.