වංචාවෙන් හා දූෂණයෙන් පොලීසිය තවදුරටත් ඉදිරියෙන්

මේ වසරේ පළමු මාස නමය තුලදී අල්ලස් හෝ දුෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක්ම පොලිස් නිලධාරීන් බව හෙළිව තිබේ.

ඉහල උසාවියේ පවරා ඇති නඩුවලින් හතරෙන් පංගුවකට වැඩි චූදිතයන්ද පොලිසියේ සාමාජිකයන් බව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව පවසයි.

2025 ජනවාරි පළමුවැනි දා සිට සැප්තැම්බර් 30 දින දක්වා සිදු කළ වැටලීම් 94 දී සැකකරුවන් 63 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී අතර වැටලීම් 94 න් 37 ක්ම පලදායි නොවු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැට තුන්දෙනා අතරින් විසි දෙනකු ම පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෝ වේ.

දෙවැනියට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්ව ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධිත නිලධාරීන්ය. එම ගණන නමයකි.

මේ අතර ආණ්ඩුව පවසමින් සිටින්නේ ඉතා ඉක්මනින් නව පොලිස් නිලධාරීන් 5,000ක් බඳවා ගැනී­මට කට­යුතු කරන බවයි.

ඒ අනුව පොලිස් සේවය සඳහා උප පොලිස් පරී­ක්ෂක සහ පොලිස් කොස්තා­ප­ල්ව­රුන් ලෙස පන්ද­හ­සක් බඳවා ගැනී­මට මේ වන විට අනු­මැ­තිය හිමිව ඇති බව ද එම බඳවා ගැනීම් සඳහා අදාළ වන ගැසට් නිවේ­දන පළ කර ඇති බවද පොලිස් ඇමති ආනන්ද විජේපාල පැවසීය.

එසේම ආණ්ඩුව මෑතකදී පැවසුවේ මත්ද්‍රවය නිවාරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා මෙම බඳවා ගැනීම් අත්‍යවශ්‍ය වී ඇති බවයි. ඊට අමතරව පොලීසියට අවශ්‍ය යතුරුපැදි සහ ත්‍රීවිල් ද මිලදී ගැනීමට නියමිතය.

ආණ්ඩුව මොනතරම් දේවල් පැවසුවද පොලීසිය වැනි ආයතන වංචාවට හා දුෂණයට නතුවී ඇති ප්‍රමාණය ගෙන බැලූවිට මත්ද්‍රවය නිවාරණය වැනි දේවල් සාර්ථක වීමේ ඉඩක් පවතින්නේ අවම වශයෙනි. ආණ්ඩුවට පළමුව කිරීමට සිදුවන්නේ පොලීසිය තුළ පවතින වංචා සහ දූෂණයන් පිටුදැකීම වෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...