නොවැම්බර් 7 වන දා පස්වන 1.30ට නිදහස් ලංකාවේ 80 වන අයවැය ලේඛනය ජාතික ජන බලවේගයේ නායක වත්මන් ජනාධිපති මුදල් ඇමති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.2026එළඹෙන වසර වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැයේ රජයේ ඇස්තමේන්තු වියදම රුපියල් බිලියන 4 434 කි.
හෙට නොවැම්බර් 07 ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අයවැය ලේඛනයට අදාළ විශර්ජන පනත්කෙටුම්පත පසුගිය 26 වෙනිදා වැඩ බලන මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
2026 වසර සඳහා අමාත්‍යංශ අතර මුදල් බෙදී යාමේදී මුදල් අමාත්‍යංශයට රුපියල් බිලියන 634 ක් ,ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලියන 455ක්,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 554 ක්.අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන සඳහාවෙන්කොට තිබෙන්නේ රුපියල් බිලියන 301 එකකි .ඊට අමතරව පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය වෙත රුපියල් බිලියන 618ක්ද, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 598ක් ද වෙන් කොටතිබේ.
අනුර කුමාර දිසානායක ජනාධිපති වු පසු පූර්ණ වර්ෂයක් සඳහා අයවැය ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි.






