අනුර කුමාර දිසානායකගේ දෙවන අයවැය හෙට පාර්ලිමේන්තුවට.

නොවැම්බර් 7 වන දා පස්වන 1.30ට නිදහස් ලංකාවේ 80 වන අයවැය ‍ලේඛනය ජාතික ජන බලවේගයේ නායක වත්මන් ජනාධිපති මුදල් ඇමති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.2026එළඹෙන වසර වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැයේ රජයේ ඇස්තමේන්තු වියදම රුපියල් බිලියන 4 434 කි.

හෙට නොවැම්බර් 07  ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අයවැය ‍ලේඛනයට අදාළ විශර්ජන පනත්කෙටුම්පත පසුගිය 26 වෙනිදා වැඩ බලන මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

2026 වසර සඳහා අමාත්‍යංශ අතර මුදල් බෙදී යාමේදී මුදල් අමාත්‍යංශයට රුපියල් බිලියන 634 ක් ,ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලියන 455ක්,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 554 ක්.අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන සඳහාවෙන්කොට තිබෙන්නේ රුපියල් බිලියන 301 එකකි .ඊට අමතරව පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය වෙත රුපියල් බිලියන 618ක්ද, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 598ක් ද වෙන් කොටතිබේ.

අනුර කුමාර දිසානායක ජනාධිපති වු පසු පූර්ණ වර්ෂයක් සඳහා අයවැය ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...