අරගලයෙන් උපන් දරුවා මහජන කවුන්සලයයි. අද එය තැනින් තැන ජනතාව පෙළගැස්වීම අරමුණු කර ගනිමින්, සියළු බාධක මැද ක්‍රියාත්මක වන ආකාරය සතුට දනවන කරුණකි .
මිනිස්සු පාරට බැස අරගල කළේ දහසකුත් එකක් ප්‍රශ්ණ නිසාය. රටේ ජනතාව පීඩාවට ලක්වූ ආකාරය අපි පසුගිය කාලවකවානුව තුළ හොඳින් අත්දැක්කෙමු . ඉවසා දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය පසු ජනතාවට ඉතරිව තිබුණු එකම විකල්පය වූයේ පාරට බැස පවතින රජයට එරෙහිව විරෝධය පෑම පමණි . තැනින් තැන පවත්වන ලද විරෝධතාවය ක්‍රමානුකූලව වර්ධනයවී අවසන එය මහ සුනාමියක් ලෙස රටේ ජනාධිපති වරයා පළවා හරින තත්ත්වයටම වර්ධනය විය.රට තුළ අරාජික තත්වයක් නිර්මාණය විය. පසුව තත්වය සමහන් කර ගැනීමට පාලකයින්ට තාවකාලික ඉඩ කඩක් ලැබිණ . එජාපයේ නායකයාවූ රනිල් පොහොට්ටු පක්ෂයේ ආරක්ෂකයා වෙමින් ජනාධිපති ධූරය තම අතට ගන්නා ලදී .
නමුත් පවතින ප්‍රශ්ණ
සඳහා විසඳුමක් ලබාදීමට ඔහු සමත් වූයේ නැත .
එසේම අරගල භූමිය තුළ පැනනැගුනු අරගලය අත්නොහැර ඉදිරි පියවරක් තැබීමට අරගල කරුවන් සමත්විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන්ගේ උත්සාහය මත මහජන කවුන්සලය නම්වූ ව්‍යුහය නිර්මාණය කරගැනීමට හැකියාවක් ලැබීමයි.
ආ මග කෙටිය. තව දුර යා යුතුය .
වසර 74 ක් පාර්ලිමේන්තුව නම්වූ ආයතනය වෙත ජනතාව විසින් , ජනතාව පාලනය කිරීම උදෙසා ජනතාව විසින් යැවූ ජනතා නියොජිතයා ජනතාව රවටමින් , රට අගාධයේ මුවවිටට රැගෙන විත් ඇත . අද පාර්ලිමේන්තුව යනු ජනතා බදු මුදලින් නඩත්තු කරන , කිහිප දෙනෙකුගේ සුඛවිහරණය ගැන පමණක් අරමුණු කර ගෙන කටයුතු කරන , කතා සාප්පුවක තත්වයට පත්වූ ආයතනයක් පමණි .
මේ අනුව ජනතා බලය පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනැගීම අරමුණු කරගත්, විකල්ප වැඩපිළිවෙළක් ලෙස මෙම මහජන කවුන්සල් පිළිබඳ සංකල්පය අද සමාජය තුළ යම් පිළිගැනීමකට ලක්වී ඇත . විද්වතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් , අධ්‍යයනයන් සහ විග්‍රහයන් මත එය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ සක්‍යතාවයක් පවතින බවද පෙනේ. පක්ෂ , පාට භේද ඉවතලා මේ සඳහා විවිධ සමාජ තීරුවල ජනයා එකතු කරගත යුතුය, ශක්තිමත් කළ යුතුය . සංවිධානය කළ යුතුය . මන්ද රටේ මතුවී ඇති සියළු ප්‍රශ්ණ විසඳීමට ඇති එකම විකල්පය බවට අද මෙම ජනතා ඒකරාශි වීම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්වී ඇති හෙයිනි .