අඟහරුවාදා, එක්සත් ජනපදයේ ප්‍රාන්ත 30 කට වැඩි ගණනක මැතිවරණ 190 ක් පැවැත්විණි. එහිදී බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත් මැතිවරණය වූවේ නිව්යෝක් නගර මැතිවරණයයි. මෙම මැතිවරණයේ ජය හිමිවූවේ ඩිමොක්‍රටික් පක්ෂයේ සොහ්රාන් මම්දානිටයි. ඇමරිකානු ධනවාදයේ මූල්‍ය මධ්‍යස්ථානය ලෙස සැළකෙන නිව්යෝක් නගර නගරාධිපතිධූරය සොහ්රාන් මම්දානි ජයග්‍රහණය කිරීම දේශපාලන වැදගත්කමක් ඇති සිදුවීමකි.
මම්දානි මෑතක් වන තුරුම පාහේ නොදන්නා මන්ත්‍රීවරයෙකු විය. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සාමාජිකයෙකු වූ මම්දානි, හිටපු ආණ්ඩුකාර මාරියෝ කියෝමෝගේ පුත් ඇන්ඩෲ කියෝමෝ සහ නිව්යෝර්ක් දේශපාලන සංස්ථාපිතයේ දිගුකාලීන නියෝජිතයෙකු වූ රිපබ්ලිකන් කර්ටිස් ස්ලිවා පරාජය කිරීමට සමත්විය.
මම්දානි, කියෝමෝගේ සියයට 41 සහ ස්ලිවාස්ගේ සියයට 7 ට සාපේක්ෂව සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබුණි. 1969 සිට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශකළ මැතිවරණය මෙය වූ අතර එම ඡන්ද මිලියන 2 කට වඩා ප්‍රකාශ වී තිබුණි. ඒ අතර ඡන්දය දුන් අයගෙන් සියයට 17 ක් පළමු වරට ඡන්දය දුන් අයවිය .
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, අඟහරුවාදා පැවති පුද්ගල ඡන්දයට පෙර නිව්යෝර්ක් වැසියන් 735,000 කට වැඩි පිරිසක් කලින් ඡන්දය ප්‍රකාශ කළ අතර එය නිව්යෝර්ක් නගරයේ ජනාධිපති නොවන මැතිවරණයක් සඳහා මෙතෙක් ප්‍රකාශිත වැඩිම ඡන්දයයි. එම ඡන්දවලින් සියයට 42 ක් වයස අවුරුදු 18-44 අතර පුද්ගලයින් විසින් ප්‍රකාශ කරන ලද අතර එය 2024 ජනාධිපතිවරණ පූර්ව ඡන්දයට වඩා සියයට 2 කින් වැඩිවී තිබේ.
මම්දානිගේ ජයග්‍රහණය හුදෙක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහි තරවටුවකි. මම්දානිට ලැබුණු විශාල ඡන්ද ප්‍රතිශතය විසින් ඇමරිකා එක්සත් ජනපදය තුළ වැඩෙමින් පවතින අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව ඇතුළු සාමාන්‍ය ජනතාව තුළ තිබෙන විකල්පයක් ගැන බලාපොරොත්තුව නියෝජනය කරයි.
මැතිවරණයට පෙර සඳුදා ඔහුගේ සමාජ මාධ්‍ය හරහා , මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයෙන් ෆෙඩරල් අරමුදල් අත්හිටුවන බවට ට්‍රම්ප් තර්ජනය කර තිබුණි.
මැතිවරණ උදෑසන, ට්‍රම්ප් නිව්යෝර්ක්හි විශාලතම යුදෙව් ජනගහනයට යුදෙව් විරෝධී තර්ජනයක් නිකුත් කරමින් ඔහුගේ සමාජ මාධ්‍ය තුළ පවසා තිබුනේ, යුදෙව් විරෝධියෙකු වන සොහ්රාන් මම්දානිට ඡන්දය දෙන ඕනෑම යුදෙව් පුද්ගලයෙක් මෝඩ පුද්ගලයෙකි!!!” බවයි.
නමුත් ගාසා තීරයේ ජන සංහාරයට ඔහු දැක්වූ විරෝධය සහ යුදෙව් අනන්‍යතාවය සියොන්වාදී රාජ්‍යය සමඟ සමාන කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා යුදෙව් ඡන්දදායකයින් විශාල සංඛ්‍යාවක් මම්දානිට සහාය දක්වා තිබුණි.






