වන අලි පැන්නීමේ මෙහෙයුම ගැන පරිසර අමාත්‍යංශයත් දැනගත්තේ පත්තරෙන්ලු

හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක වනඅලි රක්ෂිත තුළට පැන්නීමේ මෙහෙයුම්වලට පරිසර අමාත්‍යංශය අනුමැතියක් ලබා දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් ද නොමැති බව එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසූ බව දෙරණ වාර්තා කර තිබේ.

එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ මෙම වනඅලි පැන්නීමේ මෙහෙයුම පිළිබඳ දැනුවත් වුයේ ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා පළ වීමෙන් අනතුරුව බවය.

ඒ අනුව අදාළ මෙහෙයුම් වහාම අත්හිටුවන ලෙසට පරිසර අමාත්‍යංශය විසින් වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.

අලි මිනිස් ගැටුම විසදීම සඳහා අලි මිනිස් ගැටුම කළමනාකරණය සදහා වු ජාතික සැලැස්මක් ක්‍රියාත්මක වන පසුබිමක මෙවැනි මෙහෙයුමක් ආරම්භ කිරීම අනුමත කළ නොහැකි බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කර ඇත.

වනඅලි මහාපරිමාණ ලෙස රක්ෂිත තුළට පැන්නීම අලිමිනිස් ගැටුමට කිසිසේත්ම විද්‍යාත්මක විසදුමක් නොවන බව අමාත්‍යංශයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසූ බව අද දෙරණ වාර්තා කරයි.

කෙසේවෙතත් අනුරාධපුර සහ හම්බන්තොට යන ප්‍රදේශවල ගම්වැදී ඇති වනඅලි පලවා හැරීම සඳහා පසුගිය නොවැම්බර් 2වනදා සිට මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.

ඊට වනජීවී නිලධාරීන්, ගුවන් හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය ඒකාබද්ධව නිලධාරින් 2000ක් පමණ එක්වු බව වාර්තා විය.

මෙසේ එළවන ලද අලින් නැවත ගම් වදින බවටද තොරතුරු වාර්තා වෙමින් පවතියි.

මෙම මෙහෙයුම මේවනවිට ආරම්භ වී දින දෙකට ආසන්න වන අතර පරිසරවේදීන් ඇතුළු බොහෝ පිරිසක් මෙයට විරෝධය පළකර තිබුණි. වනජීවී නිලධාරීන් ඇතුළු ආරක්ෂා අංශ සාමාජිකයන් 2000ක් පමණ සහභාගී වෙන මෙම ක්‍රියාවලිය පරිසර අමාත්‍යංශය නොදන්නේ කෙසේද යන්න වෙනම ප්‍රශ්න කලයුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...