වන අලි පැන්නීමේ මෙහෙයුම ගැන පරිසර අමාත්‍යංශයත් දැනගත්තේ පත්තරෙන්ලු

හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක වනඅලි රක්ෂිත තුළට පැන්නීමේ මෙහෙයුම්වලට පරිසර අමාත්‍යංශය අනුමැතියක් ලබා දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් ද නොමැති බව එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසූ බව දෙරණ වාර්තා කර තිබේ.

එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පවසා ඇත්තේ මෙම වනඅලි පැන්නීමේ මෙහෙයුම පිළිබඳ දැනුවත් වුයේ ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා පළ වීමෙන් අනතුරුව බවය.

ඒ අනුව අදාළ මෙහෙයුම් වහාම අත්හිටුවන ලෙසට පරිසර අමාත්‍යංශය විසින් වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.

අලි මිනිස් ගැටුම විසදීම සඳහා අලි මිනිස් ගැටුම කළමනාකරණය සදහා වු ජාතික සැලැස්මක් ක්‍රියාත්මක වන පසුබිමක මෙවැනි මෙහෙයුමක් ආරම්භ කිරීම අනුමත කළ නොහැකි බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කර ඇත.

වනඅලි මහාපරිමාණ ලෙස රක්ෂිත තුළට පැන්නීම අලිමිනිස් ගැටුමට කිසිසේත්ම විද්‍යාත්මක විසදුමක් නොවන බව අමාත්‍යංශයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසූ බව අද දෙරණ වාර්තා කරයි.

කෙසේවෙතත් අනුරාධපුර සහ හම්බන්තොට යන ප්‍රදේශවල ගම්වැදී ඇති වනඅලි පලවා හැරීම සඳහා පසුගිය නොවැම්බර් 2වනදා සිට මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.

ඊට වනජීවී නිලධාරීන්, ගුවන් හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය ඒකාබද්ධව නිලධාරින් 2000ක් පමණ එක්වු බව වාර්තා විය.

මෙසේ එළවන ලද අලින් නැවත ගම් වදින බවටද තොරතුරු වාර්තා වෙමින් පවතියි.

මෙම මෙහෙයුම මේවනවිට ආරම්භ වී දින දෙකට ආසන්න වන අතර පරිසරවේදීන් ඇතුළු බොහෝ පිරිසක් මෙයට විරෝධය පළකර තිබුණි. වනජීවී නිලධාරීන් ඇතුළු ආරක්ෂා අංශ සාමාජිකයන් 2000ක් පමණ සහභාගී වෙන මෙම ක්‍රියාවලිය පරිසර අමාත්‍යංශය නොදන්නේ කෙසේද යන්න වෙනම ප්‍රශ්න කලයුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...