විලච්චිය, නවෝදාගම යෝජිත රක්ෂිතයේ හොරෙන් බොරළු කපන්නේ කොහොමද

විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නවෝදාගම යෝජිත රක්ෂිතයේ, නවෝදාගම වැව් ඉස්මත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අවසරයකින් තොරව මහා පරිමාණයෙන් පරිසර හානි සිදු කරමින් බොරලු කපා ප්‍රවාහනය කළ පුද්ගලයින් පස් දෙනෙකු හා ටිපර් රථ තුනක් හා බොරලු කැපීමට යොදා ගත් ස්කැවේටර් යන්ත්‍රයක් අනුරාධපුර අඩවි වන කාර්යාල නිළධාරීන් හා උළුක්කුළම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන ඇත.

විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නවෝදාගම වැව් ඉස්මත්තේ පිහිටි නවෝදාගම යෝජිත වන රක්ෂිතයේ විශාල ලෙස පරිසර හානියක් සිදු කරමින් බොරලු කැපීම සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත අනුරාධපුර අඩවි වන කාර්යාල නිළධාරීන් හා උළුක්කුළම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් එක්ව වැටලීමක් සිදු කර ඇත,

අදාළ නවෝදාගම හා හැළඹගස්වැව යන වැව් දෙකෙහිම ජල පෝෂක කළාපයක් වන අතර, වන අලින් නිරන්තරයෙන් ගමන් ගන්නා අලිමංකඩක මෙම බොරලු කැපීම සිදු කරමින් සිට ඇත. දින කීපයක් එහි බොරලු කපා ඇති අතර, පරිසරයටද ඉන් විශාල හානියක් සිදුව ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේදී ස්කැවේටර් යන්ත්‍රයක් මගින් බොරලු කපා ටිපර් රථ තුනකින් බොරලු ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, ඔවුන් සතුව බලපත්‍ර ඇත්දැයි කළ ප්‍රශ්න කිරීමකදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයෙන් ලබා ගත් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇත.

නමුත් අදාළ භුමිය යෝජිත වන රක්ෂිතයක් බැවින් වන රක්ෂිතයක අනවසරයෙන් බොරලු කැපීම හේතුවෙන් ස්කැවේටර් යන්ත්‍රය හා ටිපර් රථ 03 ඇතුළු සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.සැකකරුවන් වන රක්ෂිතයට සිදු කළ හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර, එය තක්සේරු කර අධිකරණය⁣ට ඉදිරියේදී දැන්වීමට නියමිතය.

අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස්, විලච්චිට බීට්ටු වන නිළධාරී යූ.බී.වී.පී රත්නායක, උලුක්කුළම බීට්ටු වන නිළධාරී එච්.එස්.පී රත්නසේකර, පණ්ඩුලගම බීට්ටු වන නිළධාරී එම්.එන් ජයශාන්ත යන මහත්වරුන් ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ජී.ජී.වයි.ආර් දයාරත්න මහතා ඇතුළු පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් පිරිසක් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

තිසර සමල්

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...