රජය කොරෝනා වලට මුවාවී පුවත් වාරණයෙන් ඔබ්බට මර්දනය දක්වා පියවර තබයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ස්ථීර වශයෙන්ම කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නර්තන ශිල්පිනියක ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් අද (06) නියෝගකර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව, මහවිහාර මාවත පදිංචි තිලිණී මීවනගේ (41) නැමැත්තියය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ස්ථිරවම කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් සිය මුහුණු පොතේ පෝස්ටුවක් නිර්මාණය කර අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක පනතේ වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.

මීට ප්‍රථම කොතලාවල රෝහල කොවිඩ් 19 ආසාධිත බවට සැකකරන ‘ප්‍රභූන් වෙනුවෙන් වෙන් කර ඇතැයි facebook ඔස්සේ පුවතක් පළ කළේය යන චෝදනාව මත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන බී.එල්. තරිඳු අවිශ්ක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊට අමතරව තිකුණාමලය දිසාපතිවරයා විවේචනය කරන පෝස්ටුවක් facebook හි පළ කළේය යන චෝදනාව මත, ත්‍රිකුණාමලයේ තරුණයකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ. ඔහු මැයි 20 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

රාජ්‍ය නිලධාරීන් විවේචනය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට 2020.04.01 වැනිදා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය නිවේදනයකින් කළ දැනුම්දීම දැන් යථාර්ථයක් බවට පත්ව අදවනවිට පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සියලු අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ පරිගණක අපරාධ ආඥා පනත යටතේ බව පුවත් වාර්තාවල දැක්වේ. මේ පිළිබඳව අනිද්දා පුවත්පත කළ විමසීමකදී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සෙනෙවිරත්න ප්‍රකාශ කර ඇත්තේ පරිගණක අපරාධ ආඥා පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි. නමුත් කුමන නීතියද යන්න කිසිදු තැනක පැහැදලිව සඳහන් වී නැත.

කෙසේ නමුත් පරිගණක අපරාධ ආඥා පනත ගැන අපිට මෙතෙක් අසන්නට ලැබුණේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන පුද්ගල අපහාස කිරීම්, අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප පළකිරීම් වුවත් කිසිවෙකුට හානියක් නොවන පුද්ගල අදහස් පළකිරීම්වලට එරෙහිව නොවේ.

යම් කිසි වැරද්දක් විවේචනය කිරීම හෝ කරුණු දැක්වීම අදහස් පළ කිරීම පිළිබඳ අයිතියකි. අනෙක් අතින් අන්තර්ජාලය තුළ විශේෂයෙන් facebook තුළ ඕනෑතරම් ජාතිවාදිය වැපිරීම උදෙසා කරන අසත්‍ය ප්‍රකාශ දක්නට ලැබේ. රටේ ජනතාවට අයහපතක් සිදුවන්නේ එවැනි ප්‍රකාශන හරහා මිස ආණ්ඩුව, ආණ්ඩුවේ නිලධාරීන් විවේචනය කිරීම හරහා නොවේ. ඒ අනුව මේ පනත යොදාගෙන ආණ්ඩුව හිතූ හිතූ ආකාරයට තමන්ට විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීම අරඹා ඇති බව බැලූ බැල්මට පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...