රාජපක්ෂලාට රටින් පිටවීම වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම් විභාගය 14වැනිදා

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට මෙරටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (12) මෝසමක් ඉදිරිපත් කර ඇත.

ඉහත පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව රට හැර යාම වළක්වන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉකුත් 06 වෙනිදා ගොනුකර තිබුණා.

ශ්‍රී ලංකා හිටපු පිහිනුම් ක්‍රීඩක සහ පුහුණුකරු ජූලියන් බෝලින්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් මූල්‍ය අක්‍රමිකතා සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව අධිකරණය තීරණය කළේ අදාළ පෙත්සම එළැඹෙන ජූලි 27 වැනිදා මෙම පෙත්සම කැඳවීමටයි.

කෙසේවෙතත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම දැඩි හදිසි අවශ්‍යතාවක් පවතින බැවින්, එය එළඹෙන ජූලි මස 14 වැනිදාට කැඳවීමට කටයුතු කරන ලෙස නීතීඥ උපේන්ද්‍ර ගුණසේකර මහතා මාර්ගයෙන් මාර්ගයෙන් අද මෝසමක් ඉදිරිපත් කළා.

පෙත්සම යළි කැඳවීමට මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ මෙම පිරිස මේ මොහොතේ රටින් පලා ගියහොත් එය යළි පියවා ගත නොහැකි පාඩුවක් වන බවයි.

ඒ අනුව මෙම මෝසම සලකා බැලූ අධිකරණය එළඹෙන 14 වැනි දා මෙම පෙත්සම කැඳවීමට තීරණය කර තිබෙනවා.

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...