මේ කෙල්ල උඹලගෙ බඩගින්න නිවන්න බෝඩ් ලෑලි ඉස්සුවෙ කළු ජාතිකයාට යුක්තිය ඉල්ලන්න කලින්

ඊයෙ උද්ඝෝෂණයේ මේ පොඩි කෙල්ලත් හිටියා . අර නිල ඇඳුම් ඇඳගත්තු තිරිසන්නු සතෙක්ව වාහනයට දාන ආකාරයෙන් tata ලොරිය ඇතුලට විසි කලා . පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාරය එල්ල වීම පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයෙන්  FB එකේ  මලපහ කරන අය බොහෝ දෙනෙක් අහපු පැනයක් තමයි ඇමරිකාවේ කළු ජාතික හොරෙක් මරා දාපුහම ලංකාවේ ඉන්න උන්ට ඇති රුදාව මොකක්ද කියලා.

මේ පොඩි කෙල්ල ඇමරිකාවේ මැරිච්ච කළු ජාතිකයාට සාධාරණය ඉල්ලන්න ප්‍රථම   අපේ රටේ කන්ඩ නැති ජනතාවට කන්ඩ දියව් කියලා ආණ්ඩුවට බලපෑම් කරපු  පෙරමුණේ හිටියා . අපි දන්නවා මේ කොරෝනා කාලයේ සියල්ල වසා දමපු වෙලාවේ අනෙකාට හෙනගැහුවත්  තමන්ගේ බඩ පුරවගන්න සුපිරි වෙළඳසැල් හිස් කරපු අය තමයි මේ වෙලාවේත් වැඩිපුරම අන්තවාදී  ප්‍රකාශ කරමින් ඉන්නෙ.

රාජපක්ෂලා පෙරමුණ ගෙන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තොන්ඩමන්ගේ මළමිනිය රට වටේ අරන් යද්දි නිදාගෙන හිටපු අය හදිසියේ ඇහැරිලා නිරෝධායන නීති පිළිබඳව කතා කිරීම විහිළුවකි. ඊයේ විරෝධතාවය පැවැත්වේ සියලු නිරෝධායන නීතිවලට යටත්ව සෞඛ්‍යය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින්.

ආණ්ඩුව ජනතාවට ඊයේ  ලබාදුන්නු සංඥාව මොකක්ද වඩා නිවැරදි වෙන්නේ ඒක වටහා ගැනීමයි .ආන්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිවන හැමකෙනෙක්ටම මර්දනය කැඳවන්න පසුබට නොවෙන බවයි . මහ මැතිවරණයෙන් තුනෙන් දෙක හොයන ආණ්ඩුව මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ජනතාව දනගස්වන බවයි. ආණ්ඩුවේ අභිප්‍රාය මිස ජනතාවගේ වුවමනාව ඉෂ්ට කර ගැනීම සඳහා අරගල කිරීමට උද්ඝෝෂණය කිරීමට ඉඩ නොතබන බවයි.

ඉතින් දැන් අප ඉන්නේ මහ මැතිවරණයක් කැඳවා තිබෙන වටපිටාවක් ඇතුලේ, මේ ආණ්ඩුවේ හැසිරීම  අප තේරුම් ගත යුත්තේ ජග්‍රහණයෙන් පසුව ආණ්ඩුවේ හැසිරීම කෙබන්දක් ද යන්න සිහි තබාගෙන ය. විරෝධය පෑමට, අයිතිවාසිකම් ඉල්ලීමට ජනතාවට අයිතියක් ඇත. එය  ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුවට බලයක් නැහැ .ජනතාව තේරුම් ගත යුත්තේ එයයි.

ඕනම කෙනෙක්ට ගැතිකම් කළ හැකිය.ඉන් ඇතිවන වාසිය හෝ අවාසිය තමන්ට පමණක් සිදු වන්නේ නම් පමණක්. හැබැයි කෙනෙකුගේ ගැතිකමින්  සමාජයකට අහිතක් සිද්ධවෙන්නේ නම් ඊට  එරෙහි වීමටත්  ක්‍රියාමාර්ග ගැනීමටත් පොදු ජනතාවට අයිතියක් ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...