මෝදිගේ ලංකා ගමනය තුළ යුධ අවි කර්මාන්තය සම්බන්ධ සහයෝගිතා එකඟතාවයක් ඇතිකරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බව අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් හෙළිදරව් කරනු ලැබුවා .
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නායගමුව ප්‍රශ්න කර සිටියේ ඉන්දියාව සමග අත්සන් තැබූ ආරක්ෂිත ගිවිසුම් තුළ යුධ අවි කර්මාන්ත එකඟතාවයක් ඇතිකර ගත්තේ කුමක් සඳහාද කියායි . මේ ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් අපි මේ තරම්ම විවේචනය එල්ල කරන්නේ ලෝකයේ ”QUAD” කියන සන්ධානය ගොඩනැගිලා තියෙනවා . සිද්ධ වෙන මීට වසර කිහිපයකට ඉහත . සාමාන්‍යයෙන් ඒක සලකන්නේ මේ කලාපයට අයත් නේටෝ එක ලෙස. ඇමරිකාව ජපානය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ”QUAD” එකට සම්බන්ධයි . ඒකට සම්බන්ධ ප්‍රධාන රටක් වන ඉන්දියාව සමග අපි ආරක්ෂක ගිවිසුම් වලට ගියහම අපි නිතැතින්ම එක දේශපාලන කඳවුරක් වෙත තල්ලු වෙනවා . ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ මේක ආසියානු කලාපය මේකේ තවත් දැවැන්තයෝ දෙදෙනෙක් ඉන්නවා ඒ චීනය සහ රුසියාව මේ හරහා අපි මේ රටවල් දෙකත් එක්ක නිතැතින්ම ප්‍රශ්නයකට ගමන් කරනවා.