ගම සමඟ පිළිසඳරට අයවැයෙන් විශාල මුදලක්

ගම සමඟ පිළිසඳරක් ග්‍රාමීය වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව දැකිය හැකිවේ.

ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී වසමකටම රු. මිලියන 03ක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව මිලියන 42063ක් ඒ සඳහා වෙන් කෙරෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

මේ අතර කුඩාම පරිපාලන ඒකකය වන කොට්ඨාස සඳහා ද සෑම කොට්ඨාසයකටම රු. මිලියන 40ක් බැගින් වෙනි කිරීමට මුදල් ඇමතිවරයා යෝජනා කර තිබේ.

තවද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල සඳහා වන ප්‍රතිපාදන තවත් රු. මිලියන 05කින් වැඩි කිරීමටයි මෙවර යෝජනා වී ඇත.

එම යෝජනාවට අනුව රු. මිලියන 3375ක් සියලුම මන්ත්‍රීවරු වෙත ලබාදෙන බව බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබේ.

මෙම මුදල් වෙන් කිරීම ඉදිරි මැතිවරණයක් ඉලක්ක කරගනිමින් වෙන් කරන්නට ඇති බවට මත පළවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...