ගම සමඟ පිළිසඳරට අයවැයෙන් විශාල මුදලක්

ගම සමඟ පිළිසඳරක් ග්‍රාමීය වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව දැකිය හැකිවේ.

ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී වසමකටම රු. මිලියන 03ක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව මිලියන 42063ක් ඒ සඳහා වෙන් කෙරෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

මේ අතර කුඩාම පරිපාලන ඒකකය වන කොට්ඨාස සඳහා ද සෑම කොට්ඨාසයකටම රු. මිලියන 40ක් බැගින් වෙනි කිරීමට මුදල් ඇමතිවරයා යෝජනා කර තිබේ.

තවද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල සඳහා වන ප්‍රතිපාදන තවත් රු. මිලියන 05කින් වැඩි කිරීමටයි මෙවර යෝජනා වී ඇත.

එම යෝජනාවට අනුව රු. මිලියන 3375ක් සියලුම මන්ත්‍රීවරු වෙත ලබාදෙන බව බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබේ.

මෙම මුදල් වෙන් කිරීම ඉදිරි මැතිවරණයක් ඉලක්ක කරගනිමින් වෙන් කරන්නට ඇති බවට මත පළවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...