Breaking News

කොරෝනා වැළඳී සුවය ලැබූ අය අතුරු ආබාධ වලට ලක්විය හැකියි

සමන්සිරි හේරත්

ලොව පුරා මිලියන හතරකට වැඩි ජනතාවකට කොරෝනා වෛරසය ආසදනයාවී මේ වනවිට මිලියනයකට වැඩි පිරිසක් සුවය ලබා තියනවා ,

සුවය ලැබූ සමහර රෝගීන් සුවය ලැබීමෙන් මාස කිහිපයකට පසු හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව සහ ශරීර වේදනාවන් වලට ලක්වී ඇති බව චීනයේ හොංකොං සහ වුහාන් හි සිදු කරන ලද අධ්‍යයනවලින් පෙනී ගොස් තියනවා . සුවය ලැබූ සමහර පුද්බලයන්ගෙන් රෝගය වැළදීමට පෙර තිබුණු තත්වයට වඩා පෙනහළු, හෘදය සහ අක්මාව දුර්වලතා වැඩිවී තිබෙන බවත් එය නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් බවද වාර්තා වෙනවා.

කොරෝනා වෛරසය ශ්වසන පද්ධතියෙන් ඔබ්බට ශරීරයේ බොහෝ කොටස් වලට පහර දෙන අතර බඩවැල් වකුගඩු වලටත් හානි කරන බවත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට අධික වෙහෙසක් දරා ඊට මුහුණ දිය යුතු වෙනවලු .

පර්යේෂකයන් දිවි ගලවා ගත් අයගේ සෞඛ්‍යය පිළිබඳව දීර්ග කාලීනව සොයා බැලීමට පටන් ගෙන තියනවා. කොවිඩ් -19 රෝගීන් කණ්ඩායමක් සුවය ලැබීමෙන් පසුව මාස ​​දෙකක් දක්වා හොංකොං රෝහල් අධිකාරිය විසින් අධීක්ෂණය කරනු ලැබ ඇති අතර දිවි ගලවා ගත් 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකින් අඩක් පමණ සාමාන්‍ය පරාසයට වඩා පෙනහළු ක්‍රියාකාරිත්වය ඇති බව ඔවුන් සොයා ගත් බව ප්‍රින්සස් මාග්‍රට් රෝහලේ බෝවන රෝග මධ්‍යස්ථානයේ වෛද්‍ය අධ්‍යක්ෂ ඕවන් ට්සාං පවසනවා.

තවත් අධ්‍යයනයකින් කියවුනේ සුවය ලැබීමෙන් පසුව පවා රෝගීන් තුළ නිදන්ගත හෘද සංකූලතා ඇතිවිය හැකි බව ලොස් ඇන්ජලීස් සීඩාර්ස්-සීනයි වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් විසින් අප්‍රේල් 3 වන දින නිකුත් කරන ලද ලිපියක දැක්වෙනවා . ඔවුන් ඔවුන්ගේ විශ්ලේෂණය කර තිබුනේ ඉතාලියේ සහ චීනයේ රෝගීන්ගේ දත්ත මත පදනම් වයි .

 

leave a reply