Breaking News

ඉතාලි මහ මැතිවරණ ජයග්‍රහණය විශ්ලේෂණාත්මකව කියවීම – දක්ශිණාංශිකය ජයගත් ඉතාලිය

තීමස් විජිත්

අගමැති ඩ‍්‍රාගි ඉල්ලා අස්වීමත් සමඟ 2022 ජුලි 21 දින පැවති පාර්ලිමේන්තුව හා සෙනට්සභාව විසුරුවා හැරීමට ජනාධිපති මතරෙල්ලා විසින් තීරණය කලේය. පාර්ලිමේන්තුව විසුරුවීමට බලපෑ මූලික හේතුව වූයේ එවකට ආණ්ඩුව නියෝජනය කල තරු 5 ව්‍යාපාරය සෙනට් සභාවේදී ඡුන්දය දීමෙන් වැලකී සිටීමයි . එහි කණ්ඩායම් නායකයා ලෙස හිටපු අගමැති ජුසෙප්පෙ කොන්තෙ ප‍්‍රකාෂ කලේ යුරෝ කෝටි 23ක සහන ජනතාවට හා කුඩා කර්මාන්ත වලට ලබාදීමේ නීති ප‍්‍රතිසංස්කරණයට රෝමයේ නගරාධිපතිණියගේ යෝජනාවක් වූ රෝමයේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා යන්ත‍්‍රාගාරයක් පිහිටුවීමේ යෝජනාවට තමන් විරුද්ධ වන බවයි. මේ වන විට සිදු වන්නේ රෝම අපද්‍රව්‍ය ජර්මනිය විසින් ඉවත්කර ගැනීමයි. එහිදී රෝමය විසින් ජර්මනියට මුදල් ලබා දෙන අතර ජර්මනිය විසින් ඒවා යොදාගෙන නිපදවන බලශක්තිය නැවත ඉතාලියට අලෙවි කිරීම සිදු කරයි. විවාදයට තුඩු දුන්නේ මේ කරුණයි.

කෙසේ වෙතත් මේ වන විට කිහිප වතාවකම බිඳවැටෙමින් ගොඩ නැගෙමින් තිබූ ඉතාලි ආණ්ඩුවට තව දුරටත් ඒ ආකාරයට ඉදිරියට යෑමේ හැකියාවක් නොවුනි. ඒ තුල නියෝජනය වූ සියලූ පක්ෂ කල් මරමින් සිටියේ ඊලග මැතිවරණය ජය ගැනීම සඳහා ආණ්ඩුව නියෝජනය කරමින් තමන් පෝෂණය වීමට කටයුතු කිරීමයි. 2021 පෙබරවාරියේදී මේ සියලූ පක්ෂ වලට ආරාධනා කල ජනාධිපති මතරෙල්ලා නැවත ඉල්ලා සිටියේ මැතිවරණයකට නොයා සියලූ පක්ෂ එකතුවී ආණ්ඩුවක් පිහිටුවා ගන්නා ලෙසයි. එහිදී හිටපු අගමැති ජුසෙප්පෙ කොන්තෙ විසින් අගමැති කම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඒ වන විට යුරෝපා සංගමය නියෝජනය කල මාරියෝ ඩ‍්‍රාගිවෙත ජනාධිපති කල ඇරයුම පිළිගැනීමෙන් එම ආණ්ඩුව බිහිවිය. නමුත් එහිදී සිදුවූ සුවිශේෂී සිදුවීම වූයේ දක්ෂීණාංශික හවුල ආණ්ඩුවට එක්වන විට එහි එක් පාර්ෂවයක් වූ ෆ‍්‍රතෙල්ලි ඉතාලියා (ජෝර්ජ මෙලෝනි) උපක‍්‍රමශීලී ලෙස ඊට ඇතුල් නොවී පිටතින් සිට සහයෝගය දෙන බව ප‍්‍රකාෂ කිරීමයි. එය ඔවුන්ගේ උපක‍්‍රමයක් බවත් ජනතා ආකර්ෂණය ආණ්ඩුවට ලැබේනම් එහි අභ්‍යන්තරයේ සිටින තම කණ්ඩායම සමග එක්ව එහි වාසිය ගැනීමත් එසේ නොවන විට එළියේ සිට එහි වාසිය තමන් වෙත උරා ගැනීමත් එම උපක‍්‍රමය බවයි. අද වන විට ඇයගේ එම උපක‍්‍රමය සාර්ථක වී ඇති බව මෙවර මැතිවරණ ප‍්‍රතිපල සනාත කරයි.

කෙසේ වෙතත් 2018 මැතිවරණයෙන් පසු අවස්ථා ගනනාවකදී ආණ්ඩුව බිඳ වැටුන අතර ස්ථාවර ආණ්ඩුවක් සඳහා මැතිවරණයකට යා යුතුව තිබුනි. එහෙත් ජනාධිපති මතරෙල්ලාගේ අදහස වූයේ කොරෝනා ව්‍යසනය නිසා මැතිවරණ පැවැත්වීමේ අසීරුතාවයට අමතරව ඊලග මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම දක්ෂිණාංෂිකය බලයට පත්වන බව තමා දන්නා හෙයින් හැකි තරම් එය කල් දැමීමයි.

ජනාධිපතිවරයාගේ ගනන් බැලීමට අමතරව බොහෝ පාර්ෂවයන්ගේ අදහස වූයේ ඊළග මැතිවරණයකින් දක්ෂිණාංශිකය ජය ගන්නා බවයි. ඊට හේතුව ලෙස අප දකින්නේ කොටස් රාශියකට කැඞී බිඳී ගිය වමට ජනතා විශ්වාසය දිනා ගැනීමට නොහැකි වීමත් වම ලෙස පෙනී සිට බලයට එන දියාරු වම විසින් දක්ෂිණාංෂිකයටත් වඩා දියාරු ලෙස රට පාලනය කිරීමයි.

දැන් අපි හැරෙමු මෙවර මැතිවරණ ජයග‍්‍රහණය වෙත.

මෙවර මැතිවරණයෙන් දක්ෂිණ කඳවුර ජයගත් අතර එය සමන්විත වූයේ මෙලෝනි සල්වීනි හා බෙර්ලූස්කෝනි ගෙන් සමන්විත වූ දක්ෂිණාංෂික කඳවුරයි.

සමස්ත ප‍්‍රතිපලයට අනුව පාර්ලිමේන්තුව සඳහා සහ සෙනට් සභාව සඳහා පිලිවෙලින් ලබා ගත් ඡුන්ද සංඛ්‍යාව වූයේ

ෆ‍්‍රතෙල්ලි ඉතාලියා (ජෝර්ජ මෙලෝනි) සියයට 26.01/26.03
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ලෙත්ත මැද වම) සියයට 19.06/18.96
තරු 5 (කොන්තෙ) සියයට 15.42/15.54
ලේග (සල්මනි ජාතික වාදී) සියයට 8.78/8.86
ෆෝර්ස ඉතාලියා (රේලූස්කෝනි දකුණ) සියයට 8.12/8.2
තෙර්සෝ පෝලෝ (ඉතාලිය වීව රෙන්සි) සියයට 7.78/7.73
සිනිස්ත‍්‍ර වේර්දි සියයට 3.63/3.83
පිවු යුරෝපා සියයට 2.83/2.94
ඉතාලියා එක්සිට් සියයට 1.90/1.87
යුනියෝනෙ පොපොලාරෙ සියයට 1.43/1.35

ඒ අනුව පාර්ලිමේන්තුව සඳහා දක්ෂිණාංෂික හවුල සියයට 43.82ක්ද වාමාංශික හවුල සියයට 26.12ක්ද තරු 5 සියයට 15.4ක්ද ඉතාලිය වීව සියයට 7.7ක්ද ලෙස ලබා ගත්හ.

සෙනට් සභාව සඳහා දක්ෂිණාංෂික හවුල සියයට 44.06ක්ද, වාමාංශික හවුල සියයට 25.99ක්ද, තරු 5 සියයට 15.5ක්ද, ඉතාලිය වීව සියයට 7.7ක්ද, ලෙස ප‍්‍රතිපල අත්පත් කර ගත් අතර ඒ අනුව කිසිදු කණ්ඩායමක් සියයට 50 ඉක්මවීමට මෙවරත් අසමත්ව ඇත. නමුත් මෙවර ප‍්‍රතිපල අනුව දක්ෂිණාංෂික හවුලට රිසිසේ ආණ්ඩුව ගෙන යෑමට අවශ්‍ය බහුතරය ලැබී ඇත.

ඡුන්ද 12299648ක් එනම් සියයට 43.8ක් ලබා පාර්ලිමේන්තු ආසන 400 අතරින් 237ක් දිනා ගැනීමට සමත්වූ දක්ශිණාංෂිකය තුල ෆ‍්‍රතෙල්ලි ඉතාලියා ආසන 69ක්ද, ලේගා ආසන 23ක්ද, ෆෝර්ස ඉතාලියා ආසන 22ක්ද, හිමිකරගත් අතර ඡුන්ද 7337624ක් එනම් සියයට 26.1 ලබා ආසන 80ක් දිනා ගැනීමට සමත්වූ වාමාංශික පෙරමුණ අතර එය මූලිකව බෙදී ගියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ආසන 57ක්ද, වේර්දි සිනිස්ත‍්‍ර ආසන 11ක් ද වශයෙනි. ඊට අමතරව තරු 5 ව්‍යාපාරය ඡුන්ද 4333748 එනම් සියයට 15.4ක් ලබා ආසන 51ක්ද ඉතාලියා වීවා පක්ෂය ඡුන්ද 2186658 ක් එනම් සියයට 7.8ක් ලබා ආසන 21ක්ද වශයෙන් ආසන හිමිකර ගත්තේය.

කෙටියෙන් අවධානය යොමු කලොත් පාර්ලිමේන්තුවේ ආසන සහ සෙනට් සභාවේ ආසන බෙදී ගිය ආකාරය මෙසේය

මෙහිදී යම් විශේතත්වයක් සඳහන් කල යුතුය. මින් පෙර පාර්ලිමේන්තුවේ හා සෙනට් සභාවේ ආසන සංඛ්‍යාව වූයේ පිලිවෙලින් 630ක් සහ 315 ක් වශයෙනි. පසුගිය කාලයේ සමාජය තුලින් පැන නැගුනු විශාල විරෝධය හා අත්සන් ව්‍යාපාර මගින් කල බලපෑම නිසා අනවශ්‍ය ලෙස විශාල පිරිසක් නඩත්තු කිරීම සිදුවන මැතිවරණ පනත යම් සංසෝධනයකට ලක්වීමෙන් මෙවර එම සංඛ්‍යාව 400 ත් 200ත් දක්වා අඩුවිය. ගෙවීම් දීමනා ආදිය අඩුකිරීමද ඇතුලත්ව තිබුනත් ඒ සියල්ල සිදු නොවුනි.

කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් දක්ශිණාංෂිකය ජය ගන්නා බව පෙර තියාම බොහෝ අය තුල අදහසක් තිබුනි. ඒ දිගින් දිගටම මුහුණ පෑමට සිදුවී තිබෙන සමාජ ආර්ථික ගැටලූ හමුවේ වම අසමත් වීමත් විශේෂයෙන්ම 2018 මැතිවරණයෙන් පසු විශේෂ ප‍්‍රවනතාවයක් නැතහොත් රැඩිකල් වම ලෙස ඉදිරියට පැමිණි තරු 5 ව්‍යාපාරය ලැබූ ප‍්‍රතිඵල වලට අනුව කටයුතු කරනවා වෙනුවට කිසිවකුත් බලාපොරොත්තු නොවූ ලෙස දක්ශිණාංෂික පාර්ෂවයක් වූ ජාතික වාදී ලේගා පක්ෂය සමග මුල්ම ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කිරීමයි. එහි ආරම්භක නායකයෙකු වූ වරෙක සම අගමැති ලෙසද අවසාන රජයේ විදේශ ඇමතිවරයාද ලෙසද කටයුතු කල ලූයිජි දි මාය්යෝ මෙවර ආසනයක් හෝ දිනා ගන්නට අසමත් විය. ඒ ඔහු අවසන් මොහොතේ ආණ්ඩුව විසුරුවා හැරීමේ තැනට කටයුතු කර වෙනත් පක්ෂයක් පිහිටුවා ගෙන මැතිවරණයට ඉදිරිපත් වීමයි. කෙසේ වෙතත් තරු 5 ව්‍යාපාරය වෙත වත්මනේ නායකත්වය දෙන්නේ හිටපු අගමැති ජුසෙප්පෙ කොන්තෙ වන අතර මෙවර ඔවුන්ට හිමුවූයේ තුන්වන ස්ථානයයි. එයද කොන්තේගේ අවධියේදී විශේශයෙන් කෝවිඞ් වසංගතය තුල ඔහු කල කාර්යයභාර්යය නිසාය.

මේ වන විට දක්ශිණාංෂිකයේ ජයග‍්‍රහණය ගැන බොහෝ පාර්ශව භීතියට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ ආණ්ඩුවේ ප‍්‍රධාන ධාරාව නියෝජනය කරන අගමැති වීමට නියමිත ෆ‍්‍රතෙල්ලි ඉතාලියා හි ඉතිහාසය ගොඩ නැගෙන්නේ මුසොලීනි හා බැඳුනු ෆැසිස්ට්වාදී ප‍්‍රවනතාවයකින් වීමත් හා එයට නායකත්වය දෙන ජෝර්ජා මෙලෝනිගේ කැරැටුවත් නිසාම වන අතර ඊට ජාතිකවාදී ලේගා නායක මතෙයෝ සල්වීනිගේ එකතුවීමත් විසිනි. විශේෂයෙන් සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් නැතිනම් විදේශිකයින් යම් භීතියකට පත්ව සිටින්නේ තමන්ට බොහෝ දේ අහිමි වේයැයි යන බිය නිසාය. ඒ ඉතිහාසයේ බොස්සි (ලේගා) ෆීනි (අද ෆ‍්‍රතෙල්ලි ඉතාලියා) බලය හෙබවූ බෙර්ලූස්කෝනි ආණ්ඩුව ගෙනා නීතිය විසින් රැඳී සිටීමේ බලපත‍්‍රය රැකියා කොන්ත‍්‍රාත්තුවට ගැට ගැසීම යම් හෙයකින් ඉතාලිය හැර යන්නේනම් එතෙක් බාරකාර අරමුදලට බැරකල මුදලින් කොටසක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහෝසි කිරීම වැනි විදේශිකයින්ට අති පීඩාකාරී නීති ගෙන ඒමත් ස්ථීර රැකියා ක‍්‍රමය වෙනුවට තාවකාලික රැකියා වෙලඳපොළ පුලූල් කිරීම හරහා බොහෝ කම්කරු අයිතිවාසිකම් උදුරා ගැනීමේ අත්දැකීම් බොහොමයක් නිසාය. කෙසේ වෙතත් විදේශීක හෝ ඉතාලි සටන්කරන බලවේග එසේ භීතියට පත් නොවන අතර තත්වයන්ට මුහුණදීම සඳහා සූදානම් වීමට අවධානය යොමු කරයි. විදේශිකයින් අතරින් බියට පත් බොහෝ දෙනා මෙලෝ රහක් නැති අනුන්ගේ අරගල නිසා දිනා ගත් අයිතීන් බුක්ති විඳින්නන් බවද සටහන් නොකරම බැරිය. මොකද මේ වන විට යම් අයිතීන් ප‍්‍රමානයක් භුක්ති විඳින්නේ නම් එය සටන් කර ලබා ගත් දේ මිස පාලකයින් ප‍්‍රධානය කල දේ නෙවන වග අප හෙඳින් දන්නා බැවිනි.

එමෙන්ම වම හෝ වමේ නමින් ආණ්ඩු පවතින විට ඇල්මැරුණු ස්වභාවයෙන් කල් මරණ වෘතීය සමිති ව්‍යාපාරය ඇතුලූ බොහෝ ව්‍යාපාර හා ප‍්‍රගතිශීලීන් නැවත සටනට කැඳවන හා ජයග‍්‍රහණ සඳහා බෙදීම වෙනුවට ඉල්ලා සිටින එකමුතුකම සඳහාද මේ ප‍්‍රතිඵලය බලපානු ඇත. මෙවර ප‍්‍රතිඵල විසින්ද සනාථ කර ඇත්තේ කසිවකු පිළිබඳ ජනතා විශ්වාසය එතරම් නැති බවත් සියයට 50 සීමාව ඉක්මවීමට කිසිවකු සමත්ව නැති බවත් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් එකිනෙකට පරස්පර අදහස් තිබෙන වුන්ට පවා එම පරස්පරතා පසෙක ලා එකට වැඩ කරන්නට බලකිරීමද මේ තුල ඇති බවයි.

ඉතින් අපේ යෝජනාව වන්නේ සහ පසුගිය සමය තුල විවිධ දේශපාලන ප‍්‍රවනතාවයන් සමග සිදු කෙරෙන සංවාදයේදීද අප යෝජනා කරන්නේ ලාංකීය අරගලය වෙත අවධානය යොමුකරන ලෙයසි. එහි සාධානීය දේ උකහා ගනිමින් නිශේධනීය දේ බැහැර කරමින් අලූත් දේශපාලන ගමනක් අරඹන ලෙයසි. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ අපගේ ඉතාලි දේශපාලන ජීවිතයේ කෙටි කාලය තුල අප වඩාත් වැඩිනේ අත් දැක ඇත්තේ ඉතා කෙටි කලක් තුල නොසෙලකා හැරිය හැකි මට්ටමේ කුඩා කරුණු උඩ පවා බොහෝ පක්ෂ/ව්‍යාපාර බෙදී වෙන්වී යාමයි. එමෙන්ම මැතිවරණයක් වැනි අවස්ථාවකදී අටවා ගන්නා විවිධ සංධාන වල පැවැත්මද කෙටි කලකින් අහෝසි වන බවයි.

එනිසා බොහෝ වෙනස්කම් හා පරස්පරතා සමනය කිරීමට ඒ තුල සිදුවන සංවාදයට අමතරව ඊට පිටින් ඒ සියල්ල යටපත් කරන ලාංකීය අරගලය වන් දැඩි බලපෑම් සහගත තත්වයක් විසින් ඉතාලි දේශපාලනයද නැවුම් කරන අලූත් ප‍්‍රවේශයකට කාගේත් අවධානය යොමු විය යුතු බවයි.

තීමස් විජිත්

leave a reply