වරාය නගරය පනත් කෙටුම්පත තෙවනවර කියවීමේදී වැඩි ඡන්දයෙන් සම්මතයි(update)

වරාය නගරය පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 89කින් සම්මත වී තිබේ.

පනතට පක්ෂව ආණ්ඩු පක්ෂයේ ඡන්ද 148ක් ද විපක්ෂව ඡන්ද 59ක් හිමි වී ඇත.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ වලට ලබා දුන් තිරණයට අනූකූලව පනත සංශොධනය කරන අතර තෙවන වර කියවීමේදි අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

update – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ දී ඊට පක්ෂව ඡන්ද 149ක් හිමිවූ අතර විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 58කි.

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයේ දෙවන දිනය වූ අද විවාදය ආරම්භ කළේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නයි.

විවාදය අවසන්වීමෙන් පසුව ඊට ඡන්ද විමසීමක් අවශ්‍යද යන්න අද පස්වරුවේ කථානායකවරයා සභාවෙන් විමසා සිටියේය.

එහිදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව පැවසු නමුත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඡන්ද විමසීමක් ඉල්ලා තිබුණි.

ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඡන්ද විමසීමේ දී පනතට පක්ෂව ඡන්ද 148ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 59 ක් හිමිවිය.

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ අද ඡන්ද විමසුමට සහභාගී නොවීම විශේෂත්වයකි.

පසුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්මතවීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් උපදෙස්වලට අනුව සංශෝධන ඉදිරිපත් කරනු ලැබිය.

එහිදි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ නමුත් ඊට ආණ්ඩුව එකඟ වූයේ නැහැ.

ඒ අනුව හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයාගේ යෝජනා වෙනුවෙන් ඡන්ද විමසීම් තුනක් පැවති අතර එහිදී එම යෝජනා පරාජයට පත්විය.

කාරක සභා අවස්ථාවෙන් පසුව තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර එහිදි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 149ක් සහ විරුද්ධ ඡන්ද 58ක් හිමිවිය.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...