මිනිස්සු බල්ලන් බළලුන්සේ වීදි දිගේ මියයා යුතුද ?

ඉතාලියේ නාපෝලි
කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට, පුද්ගලයකුගෙන් සමූහයකට, එක විට ආසාදනය විය හැකියි . කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටින්නට සෞඛ්‍ය උපදෙස් ලෝකේ හැම තැනම සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබා දෙමින් තියෙනවා .
මේ දිගු පෝලිමේ දෙදෙනෙක් අතර පරතරය මීටරයක් නෑ .ඔවුන් පැළඳ සිටින මුඛ වාඩම් ආරක්ෂා සහිත නැහැ .

මේ පෝලිමේ ඉන්නේ එදා වේල සරි කරගෙන ජීවත් වෙන මිනිස්සු. එහෙමත් නැත්තම් පාර හිඟාකාලා ජීවත්වෙන මිනිස්සු. අද දවසේ ඔවුන්ගේ ප්‍රධානම ගැටලුව රජය විසින් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආරක්ෂිතව සිටීම නෙවෙයි. කෙසේ හෝ වේලකට දෙකකට කුමක් හෝ සොයා ගැනීමයි.

 

මේ මිනිස්සු අධ්‍යාපනය අතින් ද ,මිල මුදල් අතින් ද අන්ත අසරණයි . සමහරෙක්ට ඉන්නට තැනක් නැත පාරේ වැටී නිදන මිනිසුන්ය .


ඇමරිකාවේ ලාස් වේගාස්
මේ ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ තත්වය.දුගී දුප්පතුන් රැදී සිටි රැඳවුම් නිවාසයේ පුද්ගලයෙක්ට covid-19 හේතුවෙන් එහි රැදී සිටි පිරිසට රාත්‍රිය ගෙවන්නට වුනේ රථ ගාලක . එම ඉස්තනයේ 300ත් 500ත් අතර පිරිසක් ලැගුම් ගන්නා බවද මාධ්‍ය වාර්තා කරලා තිබුනා .

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන බව සැබෑය. එක් කෙනෙකුට වෛරසය පතුරවන්නට තිබෙන ධාරිතාව ඉහලය. පෞද්ගලිකව තමා සෞඛ්‍ය ආරක්ෂිත වීමත් අනිත් අයගේ ආරක්ෂාව සැපයීම දෙකම එකම තැන තිබෙන කාරණයකි.

නමුත් මේ අන්ත අසරණ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද ? ඒ පිළිබඳව කාටද අදහසක් තියෙන්නේ . ඔබ මදක් සිතා බලන්න ලෝකයා මේ මොහොතේ හදා තිබෙන සැලසුම් කා වෙනුවෙන් ද කියලා .

දැනට ක්‍රියාත්මක වන බොහෝ සැලසුම් ධනපතියන්ට අර්ධ ධනපතියන්ට මධ්‍යම පාන්තිකයන්ට අර්ධ මධ්‍යම පාන්තික යන්ට ජීවත් වීමට හැකියාව තිබෙන සැලසුම් ය .

මේ දුෂ්කර මොහොතේදී පවා දුගී බවේ අන්තිම රේඛාවේ ඉන්න මිනිස්සුන්ව ජීවත් කරවන්න, නඩත්තු කරන්න කිසිම ධනපති ආණ්ඩුවකට සැළසුමක් නැහැ . එක ලංකාවේ ද ,ඇමෙරිකාවේ ද ,ඉතාලියේ ද එංගලන්තයේ ද , වෙනසක් නැහැ .

ඔබගේ නෙත කඳුලින් පුරවන මෙවැනි සිද්ධීන් සිය ගණන් ලියන්නට හැකිය. අපට හැකි ඔබගේ හදවත පුපුරා යන ආකාරයෙන් එවැනි සිදුවීම් හැඟීම් බරව ලියන්නට. ඔබ අද හිතන ආකාරයෙන්ම හෙටත් සිතන්නේ නම් අපි එසේ ලිව්වට පලක් නැත .

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...