එක්නැලිගොඩ නඩුව පවත්වාගෙන යන්න තීන්දු කරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන්කිරීමට අදාල නඩුව තවදුරටත් පවත්වාගෙන යන බව නීතිපතිවරයා අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී තිබේ.

සාක්කිකරුවන් දෙදෙනකු පරස්පර සාක්කි ලබාදීමෙන් පසු මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිගේ ස්ථාවරය දැනුම්දීමට අද (10) දින ලබාදී තිබුණු අතර ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන යන බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් දැනුම් දී ඇත.

සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය සිදුවේ.
මීට පෙර සුමතිපාල සුරේෂ් කුමාර් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු සහ රණ්බණ්ඩා නම් හිටපු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා සාක්කි ලබා දෙමින් මීට පෙර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මහේස්ත්‍රාත් ඉදිරියේ දුන් ප්‍රකාශවලට පරස්පර ප්‍රකාශ ලබාදීම නිසා ඔවුන් පැමිණිල්ලට අගතිදායක සාක්කිකරුවන් ලෙස නම් කර බොරු සාක්කි ලබාදෙමින් අධිකරණයට අපහාස කිරීම ගැන නඩු පවරන බව නීතිපති දැනුම් දුන්නේය.

2010 මහ මැතිවරණය ආසන්න දිනකදී එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ගිරිතලේ සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ තබාගෙන සිට පසුව ඝාතනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් යුද හමුදාවේ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ මේ වන විට නඩු විභාගය පැවැත්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...