පුරුත්ථාපනය කරන්න ඕනා මෙතරම් අර්බුදයකදීත් තාත්තගෙ ගේ අලුත්වැඩියාවට සල්ලි ඉල්ලන නාමල්ව – පුබුදු ජයගොඩ

පාලකයන් කාලයක් තිස්සේ ජනතාවට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩත්වයට , අපරාධයන්ට එරෙහිව ජනතාව ප්‍රතිචාර දක්වද්දී ආණ්ඩුව බියවී විවිධ නීති ගෙන එමින් එය යටපත් කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල දෙයක් වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ පාලකයන් විසින් සිදුකරන ලද දේවල් අනුව ජනතාව ඒ සම්බන්ධ හිතන එක ප්‍රතිචාර දක්වන එක සහ එයට විරුද්ධව පාරට එන එක නැවැත්විය නොහැකි බවයි.

“නොමඟ ගිය අරගලකරුවන් පුනුරුත්ථාපනයට යයි කියමින් පුනුරුත්ථාපන පනත නමින් පනතක් ගේනවා කියනවා. පුනුරුත්ථාපනය කරන්න ඕනා ජනතාව නෙමෙයි මෙතරම් අර්බුදයක් පවතින මොහොතක මහින්දගේ නිවස ප්‍රතිසංස්කරණයට කෝටි 80ක් වෙන්කරගැනීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂවයි. මෙතරම් ආර්ථිකය වැටිලා තිබියදීත් විවිධ ජාවාරම් කරමින් මේ රටේ ආර්ථිකය බින්දුවට වට්ටමින් මෙච්චර අර්බුදයක් මැදත් හොරකම් කළ අය පුනුරුත්ථාපනය කළ යුතුයි. මේවට විරුද්ධව සටන් කරන මිනිස්සු ප්‍රකාශ කරන්නේ මනුෂ්‍යභාවය. අපි ගස් ගල් වගේ ඉන්න සූදානම් නෑ කියලා මිනිස්සු පෙන්නන්නේ. පුනුරුත්ථාපනය කරන්න ඕනා මනුෂ්‍යත්වය තියෙන මිනිස්සු නෙමෙයි. මනුෂ්‍යත්වයෙන් අයින් වෙච්ච මිනිස්සු. 2022 වසර සඳහා ඖෂධ ගෙන්වන්න ඩොලර් මිලියන 380ක් ඕන වෙලා තියෙද්දී ඒ මුදල් ඖෂධ ගෙවන්න දෙන්නෙ නැතුව ඩොලර් මිලියන 500ක් ස්වෛරීත්ව බැඳුම්කරවල ගෙවන්න කියලා තීරණය කරපු එවකට හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂව තමයි පුරුත්තාපනය කරන්න ඕනා. ”

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...