පාසල් දරුවන් රැකියා වෙත දැක්කීමට ආණ්ඩුවට ඇති තදියමට හේතුව පුබුදු හෙළිකරයි

Date:

දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අයිතීන් කප්පාදු කරන්නේ රනිල් වික්‍රමසිංහ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන් රී සෙටින් ශ්‍රී ලංකා යනුවෙන් අලුත් නමක් සහිතව ක්‍රියාත්මක කිරීමට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පාසල් යන වයසේ දරුවන්ට රැකියා කිරීමට අවස්ථාව ලබාදීම, අවුරුදු 05ට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදෙස්ගතවීමට අවසර ලබාදීම, රෑ වැඩ කරන කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීම නැවැත්වීමේ තීරණය ගැන සඳහන් කරමින් මේ බව පැවසීය. එසේම රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ බහුජාතික සමාගම්වලට, ධන කුවේරයන්ට ලංකාවේ ජනතාව හප කරමින් ශ්‍රමය සූරා කෑමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන එක බවද ඔහු පැවසීය.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“විවාහයකට අත්සන් කිරීමේ බලයක් හිමිවෙන්නේ අවුරුදු 18ට වැඩි අයට විතරයි. මත්පැන් සහ දුම්වැටි ලබාදෙන්නේ වයස අවුරුදු 21ට වැඩි අයටයි. එහෙම තියෙද්දී රැකියාවක් සඳහා අවම වයස අවුරුදු 16කරන්නේ ඇයි? මේ වෙනකොට කොච්චර නිදහස් අධ්‍යාපනය කියලා කිව්වත් උසස් පෙළ ශිෂ්‍යන්ට අධ්‍යාපනය සඳහා යන වියදම විශාල එකක් බවට පත්වෙලා තියෙනවා. උපකාරක පන්තියක එක විෂයකට මාසයක් සඳහා යන වියදම 2500 – 3500ත් අතර වෙනවා. උසස් පෙළ විෂයන් තුනටම උපකාරක පන්ති යන්න ගත්තොත් රුපියල් දස දහසක මුදලක් වැයකරන්න වෙනවා. ගමන් වියදම්, කෑම වියදම්, පොත්පත් සඳහා ගත්තොත් විශාල මුදලක් වැයකරන්න වෙනවා. මේක ගොඩක් දෙමව්පියන්ට දරන්න බැහැ. දැන් කරන්න තියෙන්නේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය සඳහා අයිතිය තහවුරු කරන එක. නමුත් ළමයින්ට රස්සා කරලා සල්ලි හොයාගන්න දෙමු කියන තැනට ගිහින් තියෙන්නේ. 90 ගණන්වලින් පස්සේ අම්මයි තාත්තයි දෙන්නම රැකියා කරන තත්ත්වයක් මතුවුනා. පවුලක එක්කෙනෙක් විතරක් රස්සාවක් කරලා ජීවත්වෙන්න බැරි මට්ටමට ජිවන බර ඉහළ ගියා. දැන් 2022 න පස්සේ අම්මයි තාත්තයි විතරක් නෙමෙයි කරදඬු උස්මහත් වෙච්ච දරුවෝ ඉන්නවනම් ඒගොල්ලොත් රස්සා කරලා තමයි පවුල නඩත්තුව හොයාගන්න වෙන්නේ. “

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...