Day: March 19, 2024

  • රනිල්ට ජනාධිපතිවරණය බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණය

    රනිල්ට ජනාධිපතිවරණය බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණය

    රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම අතර මතවාදී ගැටුමක් නිර්මාණය වී ඇති බවට තොරතුරු දැනගන්නට තිබේ. මේ ගැටුම නිර්මාණය වී තිබෙන්නේ කලින් පවත්වන්නේ කිනම් මැතිවරණයද යන්න පිළිබඳවයි.

    රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය වී තිබෙන අතර බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට අවශ්‍ය වී තිබෙන්නේ මහ මැතිවරණයක් සඳහා යෑමේ උවමනාවයි. මේ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ ජනාධිපතිවරණයකට ගියහොත් පොහොට්ටුවට සිදුවිය හැකි හානිය වැඩි බව ඔවුන්ගේ තක්සේරුව වී තිබීමයි. පොහොට්ටුවේ අභ්‍යන්තර ගණන් බැලීම් වලට අනුව ජනාධිපතිවරණයට තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් ජයග්‍රහණය අත්කර ගැනීමට තම අපේක්ෂකයා අපොහොසත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ හේතුවෙන් මුලින්ම ජනාධිපතිවරණය පවත්වා පරාජයන් අත්කරගෙන මහ මැතිවරණයකට ගියොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැවැන්ත සෝදාපාළුවකට ලක්වීම වළක්වා ගැනීමට බැසිල් පාර්ශවය යෝජනා කරන්නේ කලින් මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි. එපමණක් ද නොව මහ මැතිවරණයකදී ජාතික ජන බලවේගයට තනි පක්ෂයක් ලෙස ආසන 113 ක් ලබා ගැනීමට නොහැකි බවද බැසිල් පාර්ශ්වයේ විශ්වාසය වී තිබේ. එහෙයින් බැසිල් පාර්ශවය විශ්වාස කරන්නේ මහ මැතිවරණයක් තුළ අනෙකුත් කණ්ඩායම් ලබාගන්නා ආසන සංඛ්‍යාව අනුව හවුල් ආණ්ඩුවක් පිහිටවීමට හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එහි වැඩි බලයක් සහිත අවස්ථාව ලබා ගැනීමට හැකි බවයි. කෙසේ වුවත් මේ යෝජනාවට රනිල් ප්‍රතිචාර නොදක්වා සිටි.

    මහ මැතිවරණයක් තුළ තම පක්‍ෂයට ජයග්‍රහණ අත් කර ගැනීමට නොහැකි බව රනිල් විශ්වාසයෙන්ම දැන සිටියි. එවන් තත්ත්වයක් තුළ අත්වන ඉරණම පිළිබඳව ද රනිල්ට මනා අවබෝධයක් පවතී. ඒ නිසා රනිල් පෙනී සිටින්නේ ජනාධිපතිවරණය කලින් පවත්වා සිටීම වෙනුවෙනි. ඒ අතරම ජනාධිපතිවරණය වුවද නොපවත්වා සිටීමට යම් ප්‍රතිපාදනයක් හෝ උප්පරවැට්ටියක් යොදන්නට හැකිනම් ඒ වෙනුවෙන්ද රනිල් ක්‍රියාත්මක වෙමින් සිටින බව දැනගන්නට තිබේ.

    කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් තනිවම එක්සත් ජාතික පක්ෂය සමඟ ජනාධිපතිවරණයට පෙනී සිටියොත් නියත පරාජයක් අත්වෙන බව වර්තමාන දේශපාලන වටපිටාව තුළ තහවුරු වී තිබෙන අතර රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොටස් තමන් වෙත නම්මවා ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අඩපන කර සහාය තමා වෙත යොමු කර ගැනීමේ උපක්‍රමයද ක්‍රියාවට නගමින් සිටි.

    කෙසේ වුවද මේ දෙපාර්ශ්වයම මේ මැතිවරණ දෙක කෙරෙහි දක්වන්නේ බියකි. පවතින සමාජ ආර්ථික පීඩනය හමුවේ ජනතාව තමන්ව ප්‍රතික්ෂේප කරාවී යන නියත බිය ඔවුන් තුළ පවතී.

    ඒ හෙයින් මේ දෙපාර්ශ්වයම මැතිවරණ නොපවත්වා සිටීමට හැකි නම් මැතිවරණ නොපවත්වා සිටීමට කැමතිය.

  • ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි.

    ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි.

    ලාංකීය රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීමට තිබූ අයිතිය මේ වන විට අහිමි වී තිබේ. ඊට බලපෑ හේතුව දෙරට අතර ඊට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම කල්ලිකුත් වීමට ප්‍රථම යාවත්කාලීන කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීමයි . වසර දෙකකටත් වැඩි කාලයක් මේ ප්‍රශ්නය එලෙසම පවතින්නේද ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ඒ සඳහා කළ යුතු මැදිහත්වීම ඉතාම මන්දගාමී ලෙස සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

    ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් මේ පිළිබඳව විමසන විට ඔහු විවිධ අදහස් ඉදිරිපත් කළත් ඔහු ඉදිරිපත් කරන ඒ අදහස් පිළිගන්නට ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් කැමති නැති බව විවර අප කළ විමසීමේදී බොහෝ ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කර සිටියේය. පසුගිය සෙනසුරාදා වෙරෝනා නගරයේ දේශයා නගරයේත් ජන අරගල ව්‍යාපාරය ලෙස මැදිහත්ව ලංකා රජය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන පෙත්සමට අත්සන් එකතු කිරීමේදී ඊට අස්සන් තැබූ බොහෝ දෙනකුගෙන් මේ තානාපතිවරයාට විරෝධය එල්ල වුණි.

    මේ අර්බුදය හේතුවෙන් විශාල පිරිසක් තමන්ගේ රැකියා අවස්ථා අහිමිවීමේ ගැටලුවට මුහුණ දී සිටින අතර සැලකිය යුතු පිරිසකට මේ වන විටත් රැකියා හිමිවී තිබීම කණගාටුවට කරුණකි.

    මේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් වන ලෙස ජන අරගල ව්‍යාපාරය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය වෙත පසුගිය පෙබරවාරි 16 වන දා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වීම හේතුවෙන් ඒ පිළිබඳව නැවත සිහිකැඳවමින් ජන අරගල ව්‍යාපාරය විසින් විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතා වෙත මාර්තු 16 වනදා නැවතත් ලිපියක් යොමු කර තිබේ.

    ශ්‍රී ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම අරඹන්නේ කවදාද

    ඉතාලියේ රියදුරු බලපතේ කථා වස්තුව