ආහාර උද්ධමනය සියයට 90 පනියි

සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

උද්ධමනය පිළිබඳ නවතම දත්ත ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කර තිබේ.

කොළඹ පරිභෝගික මිල දර්ශකයට අනුව කරන ගණනය කිරීමේදී පසුගිය අගොස්තු මාසයේ මෙරට අහාර මිල ගණනවල වැඩිවීම දැක්වුණේ 93.7% ක් ලෙසයි.

මේ මාසයේ එය 94.9% ක් දක්වා ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ මස්, මාළු, කරවල , එළවලු, අල හා ,ළූණු ඇතුළු අහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යාම බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල මෙම මාසය තුළ 57.6 % ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ සඳහා ප්‍රවාහන , ජලය, විදුලිය, ගෙවල් කුලී මෙන්ම භූමිතෙල් මිල ගණන් ඉහළ යාම ද ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මේ අනුව සැප්තැම්බර් මාසයේ සමස්ත බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය 69.8% කි.

Share post:

Popular

වෙනත් පුවත්

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...