ආහාර උද්ධමනය සියයට 90 පනියි

සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

උද්ධමනය පිළිබඳ නවතම දත්ත ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කර තිබේ.

කොළඹ පරිභෝගික මිල දර්ශකයට අනුව කරන ගණනය කිරීමේදී පසුගිය අගොස්තු මාසයේ මෙරට අහාර මිල ගණනවල වැඩිවීම දැක්වුණේ 93.7% ක් ලෙසයි.

මේ මාසයේ එය 94.9% ක් දක්වා ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ මස්, මාළු, කරවල , එළවලු, අල හා ,ළූණු ඇතුළු අහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යාම බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල මෙම මාසය තුළ 57.6 % ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ සඳහා ප්‍රවාහන , ජලය, විදුලිය, ගෙවල් කුලී මෙන්ම භූමිතෙල් මිල ගණන් ඉහළ යාම ද ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මේ අනුව සැප්තැම්බර් මාසයේ සමස්ත බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය 69.8% කි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්