Breaking News

සකායි… 

රේණුකා ඉලංගකෝන්

පරිවර්තනය – සුනේත්‍රා රාජකරුණානායක.

දෙවන ලෝක යුද්ධ සමයෙන් පසූව හමුවූ ජපන් යුවතියකගේත් ඇමරිකානු හමුදා නිලධාරියෙකුගේත් අනපේක්ෂිත හමුව , එසමයේ පැවති දේශපාලන හා සාමාජීය පසුබිම තුල ගලායන ආදර අන්දරයක් ලෙස ඉදිරිපත් කරන මෙම කතාව, දෙරටක පවතින නීති රීති හා ආකල්ප තුල මහත් ව්‍යසනයක් දක්වා වර්ධනය වන අයුරු ඉතා සංවේදී හා සුමට භාෂාවකින් පාඨකයාට ඉදිරිපත් කරයි.

කලක් එකිනෙකා සතුරුව සිටි රටවල් දෙකක දෙදෙනා ආදරයෙන් බැඳෙන්නේ ආදරයට සීමා මායිම් කිසිවක් අදාල නැති බැවින්. ඉතාම කෙටි කලක් හිතුමතේ සිත් සතන් මෝහනය කරමින් විඳින ආදරයේ අම රස ඊලඟ නිමේශයකදී කටුක යථාර්ථය තුල බිඳී විසිරී ගිලී යන්නේ නෙතට කඳුලක් ගෙනෙමින්.

ජාතීන් දෙකක් එකතුවූ විට ඇතිවන කලවම් ළමයි රටවල් දෙකම ප්‍රතික්ෂේප කරන පසුබිමක, ආදරයේ නාමයෙන් ජීවිතය ලද ඒ කුඩා ළමුන්ට මුහුණ පාන්නට සිදුවන වෙන්වීම නැතහොත් මවගේ හෝ පියාගේ ආදරය නොලබා ළමා නිවාසයක තනි වීමට සිදූවන කටුක යථාර්ථය අදටත් එම රටවල් වල සම්පූර්ණයෙන්ම නොවිසඳුනු ගැටළුවකි.

ආලයට පමණක් කිසිවක් කල නොහැකි බව පසක් වන විට… ඔවුන් සීසීකඩ විසිර ගොස්.. මුළුමනින්ම ආගන්තුකයන්ව.

යළිත් නැවතත් දකින්නටවත් නොහැකි අයුරින්..

මිනිසුන් මොන තරම් භේද භින්නව තම සතුට නැති කරගන්නවාද? රට රටවල් වල ඇති පුද්ගල, සමාජ විවිධත්වයන් තුල මිනිසා නිර්දය ලෙස අසරණ වන අයුරු…. කියවන්න සකායි.

 

leave a reply