ඉන්දීය රසායනික කමිහලක ගෑස් කාන්දුවකින් 9 දෙනෙක් මිය යති

ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රසායනික ද්‍රව්‍ය කම්හලක ගෑස් කාන්දුවක් සිදුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇති බව විශාකාපට්නම් හි සහකාර පොලිස් කොමසාරිස්වරියක වන ස්වරුපා රාණි රොයිටර් පුවත් සේවයට පැවසුවාය. තවත් 1,500 දෙනෙකු අසල්වැසි ගමකින් ඉවත් කර ඇත.

ඉන්දියාව විසින් රට පුරා අගුලු දැමීම ලිහිල් කිරීමෙන් පසු පසුගිය දින කිහිපය තුළ මෙම බලාගාරය නැවත විවෘත කර ඇත. උදේ පාන්දරින්ම අවට ගම්මානවල පවුල් නිදා සිටියදී ස්ටයිරීන් කම්හලෙන් ගෑස් කාන්දු වී තිබිණි .කම්හලේ ටොන් 5,000 ක ටැංකි දෙකකින් ගෑස් කාන්දු වී ඇත.

හසිදි අණතුරු සෞඛ්‍ය සේවකයෝ සහ පොලිසිය එනවිට තැන් තැන්වල’මිනිසුන් සිහිසුන්ව පාරවල්වල වැතිර සිටිනු දුටුවෝය’
ට්විටර් වෙබ් අඩවියේ පළ කර ඇති ඡායාරූප මගින් පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයින් සහ ගිලන්රථ ඇතුළු හදිසි සේවා නිලධාරීන් මිිනිසුන් ඔසාවාගෙන යන අයුරු තහවුරු කර ඇති නිසා එය සත්‍යක්ම විය හැක.

1984 දෙසැම්බරයේ ඉන්දියාවේ ඉතිහාසයේ සිදු වූ දරුණුතම කාර්මික ව්‍යසනයකි. මධ්‍යම නගරයක් වන බෝපාල්හි පළිබෝධනාශක කම්හලකින් ගෑස් කාන්දු වීම.යුනියන් කාබයිඩ් විසින් මෙහෙයවනු ලබන බලාගාරය අවට පැල්පත් වල 3,500 ක් පමණ දෙනා ඉන් දින කිහපයකට පසු මිය ගිය අතර ඊළඟ වසරවලදී තවත් දහස් ගණනක් මිය ගියහ. එහි ප්‍රතිපල අදටත් මිනිසුන් විඳිමින් සිටී.රජයේ සංඛ්‍යාලේඛන වලට අනුව යුනියන් කාබයිඩ් කම්හල අසල ජීවත් වන අවම වශයෙන් 100,000 ක් දෙනා නිදන්ගත රෝගවලට ගොදුරු වී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...