අමාත්‍ය විමලවීර දිසානායක නීති උල්ලංඝනය කිරීමට වනජීවී නිලධාරීන්ට බලපෑම් කරයි

පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන්න කියා වනජිවී නිලධාරින්ට බලපැම් කර තර්ජනය කිරීමේ සිද්දියක්  වාර්තා වෙනවා .  මේ බලපෑම සිද්ධ කරන්නේ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසිනි. වනජීවි නිලධාරින් තමන්ගේ රාජකාරිය සහ නීතිය වෙනුවෙන් පෙනී සිටින අතර  අමාත්‍යවරයා ඊට පටහැනිව ක්‍රියා කරන්නට බලපෑම් කරන අයුරු පහත වීඩියෝවෙන්  දැකගැනීමට හැකිය.

අමාත්‍යවරයාගේ හැසිරීම නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන්නේ  ඔහු එහිදී හැසිරෙන්නේ  රටේ පොදු නීතිය හෝ වනරක්ෂණ නීතිය  තුට්ටුවකට මායිම් නොකරන ආකාරයට බවයි. වගකීම්සහගත පුද්ගලයෙකු නම් ඔහු කළ යුතුව තිබුණේ  සරයත් ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය වෙන ආකාරයෙන් මේ ප්‍රශ්නයට මැදිහත් වී ඊට අවශ්‍ය කරන නිසි පියවර ලබා ගැනීමට නිලධාරීන්ට උදව් කිරීමයි. නමුත් මේ  මාත්‍යවරයා හැසිරෙන්නේ  දේශපාලන අරමුණු වෙනුවෙන් බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26දා) සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා පවසා ඇත්තේ වනජීවී රාජ්‍යය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජීවී නිලධාරීන්ට බල කිරීම සහ දෙපාර්තුමේන්තු බලධාරින් හෙළා දැකිමට විරුද්ධව එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය සහ වනජිවි එකමුතුව විසින් එක් දින සංඛේතාත්මක වෘත්තිය ක්‍රියා මාර්ගයක් දියත් කරන බවයි.

ගල් ඔය ඊසානදිග අභයභූමිය වනසන ඇමතියා කවුද?

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්