කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බව පොලීසිය පිළිගනී

පසුගිය කාලයේ උද්ඝෝෂණ සහ  ජනතාව ඒකරාශි වීම් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බවට චෝදනාවක් තිබුණා….  අධික ලෙස කඳුළු ගෑස් ආග්‍රහණය කිරීම හේතුවෙන්  පුද්ගලයන් මියගිය අවස්ථාද ඉතිහාසයේ තියෙනවා.  කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය කරන  සාධකද අවස්ථාවන් ගණනාවකදී මාධ්‍ය හරහා අනාවරණය වෙනවා…  කෙසේ වෙතත් මේ චෝදනාව ආණ්ඩුව පාර්ශ්වයෙන්  ‍ප්‍රතික්ෂේප කළ අවස්ථා මෙන්ම පොලීසිය පාර්ශවයෙන් ද ප්‍රතික්ෂේප කළ අවස්ථා තියෙනවා.

ලංකාවේ කඳුළු ගෑස් භාවිතය සම්බන්ධයෙන්  දීර්ඝ වාර්තා සටහනක් මීට මාස කිහිපයකට ඉහතදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.  COPA වෙත කැඳවා තිබුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  කල් ඉකුත් වූ කඳුළු ගෑස් ජීවිත හානි නොකරන බව  ඔප්පු කිරීමට උත්සාහ කිරීමේදී  ඔවුන් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බව  නොදැනුවත්වම පිළිගත්තේය. ප්‍රකාශයට කෝපා කමිටුව  හඬ තලා සිනාසුනු අතර  ඒය  ප්‍රකාශ කළ නිලධාරියාට  තමන්ට වැරදුණු බව ඇඟ උනේ ඉන් අනතුරුවයි.

එ හිදී  එම උසස් නිලධාරියා ප්‍රකාශ කර සිටියේ කඳුළු ගෑස් භාවිතා කිරීමෙන් මරණ සිදු නොවන බවත්  කඳුළුගෑස් කල් ඉකුත් වී තිබෙන නිසා පොලිස් නිලධාරීන් ඒවා අතේ තියාගෙන ඉන්නා බව ඔබ නොදුටු වේද යන්නයි.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *