කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බව පොලීසිය පිළිගනී

පසුගිය කාලයේ උද්ඝෝෂණ සහ  ජනතාව ඒකරාශි වීම් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බවට චෝදනාවක් තිබුණා….  අධික ලෙස කඳුළු ගෑස් ආග්‍රහණය කිරීම හේතුවෙන්  පුද්ගලයන් මියගිය අවස්ථාද ඉතිහාසයේ තියෙනවා.  කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය කරන  සාධකද අවස්ථාවන් ගණනාවකදී මාධ්‍ය හරහා අනාවරණය වෙනවා…  කෙසේ වෙතත් මේ චෝදනාව ආණ්ඩුව පාර්ශ්වයෙන්  ‍ප්‍රතික්ෂේප කළ අවස්ථා මෙන්ම පොලීසිය පාර්ශවයෙන් ද ප්‍රතික්ෂේප කළ අවස්ථා තියෙනවා.

ලංකාවේ කඳුළු ගෑස් භාවිතය සම්බන්ධයෙන්  දීර්ඝ වාර්තා සටහනක් මීට මාස කිහිපයකට ඉහතදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.  COPA වෙත කැඳවා තිබුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  කල් ඉකුත් වූ කඳුළු ගෑස් ජීවිත හානි නොකරන බව  ඔප්පු කිරීමට උත්සාහ කිරීමේදී  ඔවුන් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කළ බව  නොදැනුවත්වම පිළිගත්තේය. ප්‍රකාශයට කෝපා කමිටුව  හඬ තලා සිනාසුනු අතර  ඒය  ප්‍රකාශ කළ නිලධාරියාට  තමන්ට වැරදුණු බව ඇඟ උනේ ඉන් අනතුරුවයි.

එ හිදී  එම උසස් නිලධාරියා ප්‍රකාශ කර සිටියේ කඳුළු ගෑස් භාවිතා කිරීමෙන් මරණ සිදු නොවන බවත්  කඳුළුගෑස් කල් ඉකුත් වී තිබෙන නිසා පොලිස් නිලධාරීන් ඒවා අතේ තියාගෙන ඉන්නා බව ඔබ නොදුටු වේද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...