අරගල කොල්ලො කෙල්ලො නිසා වාකරේ කලපුව පිල්ලෙයාන්ගෙන් බේරගන්න පුලුවන් වුනා.

ගෝටා ගෝ හෝම් (#GotaGoHome2022) අරගලයේ නිරත වෙලා ඉන්න කොල්ලො කෙල්ලො නිසා වාකරේ කලපුව පිල්ලෙයාන්ගෙන් බේරගන්න පුලුවන් වුනා. (මෙහෙම කිව්වෙ වාකරේ, ඌරියන්කට්ටු ජනතාව.)

පාර්ලිමේන්තු මන්ත්‍රි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය සහ වාකරේ – කෝරලේපත්තු උතුර ප්‍රාදේශීය ලේකම් හා එක් ව වාකරේ කලපුවෙ අක්කර 60 ක තිලාපියා මසුන් බෝ කිරීම සඳහා පොකුණු සකස් කර එම පොකුණු සහිත ඉඩම් ඔහු ගේ හිතවතුන් අතර බෙදා දීම සිදු කර ඇත.

එම පොකුණුවලට මත්ස්‍ය පැටවුන් දැමීමට ඔවුන් පසුගිය අප්‍රේල් මාසයේ දී පැමිණි අවස්ථාවේ දී ජනතාව දැඩි බලපෑමක් කර එම ක්‍රියා ව නතර කර තිබේ.

ඊට එරෙහි ව රාජ්‍ය දේපලවලට හානි කිරීමේ වරදට ගම්වාසීන් විසි දෙදෙනෙකුට විරුද්ධ ව නඩු පවරා තිබේ.

කලපුව ලවණ ජලයෙන් යට වී පවතින මාස 6 ක් මසුන් ඇල්ලීම ද ජලයෙන් යට නොවී පවතින තෘණ බිම් බවට පත් වන මාස 6 ක කාලය එළුවන් හා හරකුන්ට තණ කැවීම ද සිදු කරයි. ඒ අයුරින් කලපුව අවට ජනතාව ජීවන මාර්ග ගොඩනගා ගෙන තිබේ.

වාකරේ කලපුව අවට පදිංචි ජනතාව මේ ආකාරයෙන් භාවිත කළ කලපුව විනාශයට ලක් කරමින් ජන දිවිය පීඩාවට පත් කරමින් සිදු කළ ව්‍යාපෘතිය මේ වන විට තාවකාලික ව නතර කර ගැනීමට හැකියාව ලැබී තිබේ. නමුත් කලපුවට සිදු කළ විනාශය හා කලපුවේ ජලය බැස යාම අවහිර කිරීම නිසා ගම්මාන ජලයෙන් යටවීමෙන් සිදු වූ විනාශය ඒ ආකාරයට ම පවතී.

නමුත් වාකරේ, ඌරියන්කට්ටු ජනතාව හදවතින් ගෝටා ගෝ හෝම් අරගලයේ නිරත තරුණ තරුණියන් ඇතුළු සියලුදෙනා සමඟ ආදරයෙන් බැදී සිටිති.

එහි දී අප අවධාරණය කළේ දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් එක් ව සිදු කරන ස්වාභාවික සම්පත් විනාශයට එරෙහි ව ප්‍රාදේශීය මට්ටමින් ද ශක්තිමත් අරගල සංවිධානය කළ යුතු බව ය.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...