හෝන් ගැසීමේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණයද පිලිගෙන තිබේ

චීන ආරක්ෂක ඇමතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන වෙනුවෙන් මාර්ග වසා අවහිර කිරීමට එරෙහිව වාහන නලා හැඬවීම සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇප ලබා නිදහස් වූ බවද මාධ්‍යයක වාර්තා කර තීබිණි. ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ විරෝධය පල කිරීම සඳහා නලාව නාද කිරීම පොලිස් රාජකාරියට බාධා කිරීමක් බවයි.
නමුත් විරෝධය දැක්වීම සඳහා වාහනයේ නලා හැඬවීම අදහස් ප්‍රකාශනයේ නිදහස යටතට ගැනෙන අයිතියක් බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇත. එම නඩු තීන්දුව සම්බන්ධයෙන් අප වත්මන් අගමැති මහින්ද රාජපක්ෂට ස්තුති කළ යුතුය.
එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ එජාප ආණ්ඩුවට එරෙහිව 1992 ජුලි 1 වැනිදා දහවල් 12.00ට ජනඝෝෂා නම් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේය. එහිදී කළේ ආණ්ඩුවට විරෝධය පා වාහන වල නලා හැඬවීමද ඇතුළු විවිධ ශබ්ද නැගීමයි. තමන් බෙරයක් භාවිතා කර සිදුකළ ශබ්ද නැගීමට හොරණ පොලීසිය බාධා කිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව කියමින් හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දයාසේන අමරතුංග ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 468/92 දරණ ජනඝෝෂා නඩුව ලෙස ජනප්‍රිය වූයේ එම නඩුවයි.
1993 මාර්තු 8 වැනිදා තීන්දුව දෙමින් විනිසුරු මාක් ප්‍රනාන්දු පවසා ඇත්තේ පවතින ආණ්ඩුවේ ක්‍රියාවකට සහය දෙමින් හෝ විවේචනය කරමින් කවරාකාරයෙන් හෝ ශබ්ද නැගීමට ජනතාවට අනුලංඝනීය අයිතීයක් ඇති බවයි. පෙත්සම්කරුට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය.
නීතියේ මෙම තීන්දුව පූර්වාදර්ශයක් ලෙස ඇති නිසා පෙරකී තරුණයා අත්අඩංගුවට ගත නොහැක. අජිත් රෝහණගේ තර්කය නීතියට අදාල නැත. අර තරුණයාට පොලීසියට එරෙහිව නඩු කියා වන්දියක් වුව ගත හැක.
මින් පසුවද මහමගදී අයුක්තියක් දුටුවහොත් බිය නොවී අවම වශයෙන් වාහනයේ නලාව නාද කර හෝ විරෝධය පාන්න. ආණ්ඩුවේ සහ පොලීසියේ භීතිය වැපිරවීමේ මානසික මෙහෙයුම් වලට හසු නොවන්න.
පුබුදු ජයගොඩ

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...