ක්ෂුද්‍ර මුල්‍ය ණය කපන තුරු අපිට අවුරුද්දක් කොයින්ද?

ක්ෂුද්‍ර මුල්‍ය ණය ගත් අපිට ගෙදර ඉදන් අවුරුදු සමරන්න පුලුවන් කමක් නැහැ.අපේ ජිවිත වල තව දෙයක් ඉතුරු වෙලා නැහැ.

අපි අද වනවිට දින 38 ක් හිගුරක්ගොඩ රාජ ස්මාරකය ලග සත්‍යග්‍රහයේ .නමුත් රජය තවමත් අපි දිහා බැලුවේ නැහැ. ඉතින් අපිට අවුද්දක් කොයින්ද ? ණය බරින් නිදහස් වෙච්ච දවසක අපිත් කිරි උතුරවලා අවුරුදු සමරනවා.

තව වෙනකම් අපිට ස්ථිර විසඳුමක් හම්බුනේ නැහැ. රජය අපි දිහා බැලුවේ නැහැ. ඒ නිසා අපි තාම සත්‍යග්‍රහ භූමියේ.

ලිප ගිනි මොලවන්න නැහැ, කිරි උතුරුවන්න නැහැ. දරුවෝ විතරක් ගෙවල්වල දාලා එන්න බැරි නිසා දරුවොත් අරන් සත්‍යග්‍රහයට ඇවිත් ඉන්නේ.

ආණ්ඩුව විසඳුමක් දුන්න නම් මෙතන ඉන්නෙ නැහැ. ලංකාවේ මන් වගේ කාන්තාවෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මර උගුලක හිරවෙලා ඉන්නවා. අනිත් අයගෙත් ජීවිත බේරගන්න කියලා අපි පාරට බැහැලා ඉන්නවා. හැමෝම අවුරුදු සමරනවා. අපිට අවුරුදු සමරන්න විදිහක් නැහැ. අපේ මේ අරගලය ජයග්‍රහණය කරපු දවසට අපි අවුරුදු සමරනවා.

රේණුකා කරුණාරත්න – ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා විපතට පත් කාන්තා එකතුව

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...