Breaking News

ගෝටාගෝ ගමේ සිට නව රාශියකට පැමිණීම

අරුණි සමරකෝන්

මේ ලිපිය ලිවීමේ මොහොතකට පවතින පවුල් වාදී ආණ්ඩුව සහ දේශපාලනය ස්ථාපිත කිරීම වෙනුවෙන් වියත් මඟ නමැති වෘත්තීයවේදීන් ගේ සංවිධානයේ ආරම්භය සනිටුහන් කළ, එරන්ද ගිනිගේ මහතා විසින් ගාලු මුව දොර පිටියේ, නව දේශපාලන සංස්කෘතිය නියෝජනය කිරීමේ මුලික පියවරක් ලෙස පිහිටුවා ඇති ‘ගෝටාගෝගම’ හදුන්වා දෙනු ලැබුවේ , ඔහුගේ ළමා කාලයේ දී වූ ‘සෙල්ලම් ගමක් ‘ ලෙසය. ගිනි ගේ මහතාට අනුව පිහිටුවන ලද මේ සෙල්ලම් ගම අයත් , බැරෑරුම් රටේ ආණ්ඩුවේ මහ බැංකුව මේ මොහොතේ, ණය වාරික ගෙවීම අත් හිටුවන බවට ප්‍රකාශ කර ඇත. එම අත්හිටුවීමේ මුලික හේතුව නම්, අතවශ්‍ය භාණ්ඩ ආණයනය වෙත මුදල් අවශ්‍යවීමය. මේ අතර , බැරෑරුම් රාජපක්ෂ යාන්ත්‍රනය මගින් කරන ලද ”සංවර්ධන ෂෝ ‘ පෙන්වීම හේතුවෙන් ණය ගෙවීම මිස , දැන් ජනයා හට ජිවත් වීමට අවකාශය අහිමි වන්නේ, ඖෂධ ඌනතාවය හේතුවෙනි. ජිවත් වීම වෙනුවෙන් සියලු අරගල කරන විට, ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව විසින් ‘ගෝටාගෝගම’ නිර්මාණය කර, එහි සිට නිර්ප්‍රචණ්ඩව ආණ්ඩු විරෝධී අරගයක නිරත වෙයි. ඔවුන් ගේ මුලිකම සටන් පාඨය නම්, විධායක ජනාධිපතිවරයා වන නන්දසේන ගෝටාබය රාජපක්ෂ මහතා , ධුරය අත්හැර යායුතුය. සමහරු ඔහුට, ඔහුගේ වේලාපත්කඩය තන්න්නි ගේ නිවසට හෝ ධුරය හැර යන ලෙසට යෝජනා කර ඇත.

මෙම ලිපිය විධායක ජනාධිපති පිළිබද විමර්ශනය වෙනුවෙන් නොව, ඔහු ඇතුළු නවලිබර්ල් -ජාතිකවාදී දේශපාලනයට එදිරිව ගොඩනැගෙන කඳවුරේ මුලික අවස්ථාවක් වන ගෝටාගෝගමේ බැරෑරුම් ක්‍රියාවන් පිළිබද මේ ගෙවෙන මොහොතේ දී ඉදිරිපත්ව ඇති විවේචන ස්ත්‍රීවාදය හරහා කියවා ගැනීම වෙනුවෙන් ලියවේ.

මුලිකවම ස්ත්‍රීවාදය යනු, පිතෘමුලුක බලය විසින් ගොඩ නගන , ආකෘතිකරණය, ධුරාවලිගත කිරීම සහ දෙවන පෙළ දේශපාලනය ලෙස සැලකීම විවේචනය කරන දේශපාලනයක් යන අර්ථ යේ සිට මෙය ලියවේ. ඒ අනුව, ස්ත්‍රීවාදය හරහා ඉහත කි ගම වෙනුවෙන් වූ විවේචන කිහිපයක් හඳුනා , වර්ගීකරණය කර ඇත. මුල්ම විවේචනය නම්, මෙම ගමේ ප්‍රජාවගේ මුලික අරමුණ , රාජපක්ෂ පාලනය ඉවත් කිරීමට පමණක් ලඝු වන බවය. මෙම අරගල ආරම්භ වුයේ, මිනිසුන් දෙෙනික ජිවිතයේ දී මුහුණ දීමට සිදු වූ ආර්ථික අරබුදයට විරෝධය පෑම හේතුවෙනි. ; පැය 10ක් ඉක්මන්වා යන විදුලි කප්පාදුව; ආහාර හිඟ තාවය, ඉන්ධන මිලදී ගැනීමේ දුෂ්කරතාව මෙම විරෝධයේ දී මුලිකම ජන පෙළඹවීම් විය. ස්ත්‍රීන් විදියට විත් ,ආණ්ඩුවේ විධායකයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනියක වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හරහා සිදු වූ අතර පසුව එය දරුවන් ද සමඟ ස්ත්‍රීන් විරෝධය පෑම තෙක් පුළුල් විය. එම විරෝධය මර්ධනය කිරීම උදෙසා, ත්‍රස්තවාදය වැලක්වීමේ පනත , හදිසි නීති රෙගුලාසි යොදාගැනීමට උත්සුක විය. ඒ අතර ඇඳිරි නිතිය පනවමින්, එම විරෝධතා මර්ධනය කිරීමට උත්සහා කිරීම, සාමාජ මාධ්‍ය හරහා උත්ප්‍රාසයට ලක්විය. “විරෝධය ඉරිදා නොව සඳුදා බවත්, හැමදාම රට වහගෙන තමා ඉන්න වෙන්නේ, යනාදී සමාජ මාධ්‍ය ප්‍රචාරණයන් දැක ගත හැකි වූ අතර සංවිධානය වූ පිරිස් විදියට විත් විරෝධය සාමකාමිව පල කරන ලදී.

මෙම විරෝධය හුදෙක්ම රාජපක්ෂ විරෝධයක් නොව, නව ලිබරල් වාදී ක්‍රමයට විරෝධයක්, ජානාධිපති ක්‍රමයට විරුද්ධ වීමක්, මර්ධන නීති වෙත වන විරෝධයක් බවට පත්විය යුතුයි යන යෝජනාව පසුව පැමිණි කරුණුය. එම යොජානා ඉදිරිපත් කලේ ද, මේ නවලිබර්ල් ආර්ථිකය තුල දේශපාලන සහ ආර්ථික අවකාශයක් හිමිකරගෙන සිටි කොටස් වේ. ඔවුන් ද එම අවකාශයන් තුල ‘මහින්ද රාජපක්ෂ ‘ ප්‍රකාශනයක් ම වූ අවස්ථා ද නොමැත්තා නොවේ. කෙසේ වුවද ඔවුන් ගේ විවේචන හරහා, සටන් පාඨ හි වර්ධනයක් ඇති විය. දෙමළ ජනඝාතනය පිළිගැන්මට බලකිරීම, අතුරුදහන් වූ ජිවිත පිලිබඳ වගවීම ඉල්ලා සිටීම මෙන්ම මරාදමන ලද ජිවිත වෙනුවෙන් යුක්තිය ද ඇතුලත් සටන් පාඨ ප්‍රදර්ශනය විය. එසේම රාජපක්ෂ විරෝධය වෙනුවට, පවුල්වාදය ප්‍රතික්ෂේප කිරීම, ආගමික සංහිඳියාව ක්‍රියාවෙන් පෙන්වීම (ඉස්ලාම්භාක්තික ආගමික වතාවත් සිදුකල හැකි ස්ථානයක් බවට ගම පත් වීම ), ආහාර -සහ අනෙකුත් දෑ සටන්කරුවන් සහ කාරිනියන් වෙත සැපයීම මෙන්ම ඔවුන් අතර සකාච්චාවට අවකාශය සැපයීමත්, ගායන නොකඩවා සිදුවීමත් දැක ගත හැකිවිය.

මෙම නව ක්‍රියාකාරම් හේතුවෙන් ම අරගල තවමත් ජීවමානව පවතී. ඉතිහාස කරුණක් සිහි කැඳවන්නේ නම්, මේ මොහොතේ අරගලයේ ඉන්න ප්‍රජාව අත්දුටු වේ, තම පංතීයේම තවත් ජන වර්ගයක් වෙත, තමන්ගේ ම මුදලින් ගෙනා බර අවිවලින් පහර එල්ල වූ පසු, විදියට විත් නටා -ගයා- කිරිබත් අනුබව කරන දේශපාලනයකි. ඔවුන් අත්දුටුවේ, තවත් ජනවර්ගයක් කම්පනයට පත් කිරීම විජයග්‍රහණයක් ලෙසය. එම ඉතිහාසය අමතකරමින්, සටන් පාඨ වෙත විවේචනය ගෙන එම ස්ත්‍රීවාදී ප්‍රවාහයේ දී හඳුනා ගත හැකිවන්නේ ‘ තරුණ ප්‍රජාව දෙවන පෙළ දේශාපලනයක් ලෙස ‘ නම් කිරීමය. එනම් ඔවුන් ගේ ප්‍රකාශන දෙවන පෙළ (secondary politics ) පමණි යන්නය. එසේම ඔවුන් ගේ දේශපාලනය රැලි දේශපාලනයක් ලෙස ඩෑන් ප්‍රසාද් නම් ජාතිකවාදී බලවේගය මෙහෙයවන පුද්ගලයා විසින් නම් කාරණ ලදී.

ගයනා කිරීම සිදුකරන විට එය අරගලයේ මුලික අරමුණ ට පටහැනි බව ද, සටන් පාට හරහා පාලකයන් අශිෂ්ට වචනයෙන් ඇමතීම නොව, ශිෂ්ට ඇමතීමටත්, පුද්ගලයාට මුලික දැනෙන දේ වෙනුවට, දෙවැනිව පවතින කරුණ සටන් පාඨ විය යුතු බවට නව ලිබරල් සහ සමාජවාදී කවයන් ගේ නියෝජනයෙන් නිරන්තරයෙන් නැගුනු විවේචනයන් විය. එම විවේචන ගැන ස්ත්‍රීවාදී ප්‍රවාහය හරහා මට කිව හැක්කේ, මේ ලියු සියලුම සටන් පාඨ, ජනතාව වෙත දැනුනු , අව්‍යාජ විරෝධයේ ප්‍රකාශන මිස, බලහත්කාරයෙන් පවරා දෙනු ලැබූ සටහන් පාඨ නොවන බවය.

රැලි දේශපාලනය ජාතිකවාදය මෙන් අශෝබන මර්ධනකාරී නොවේ. ස්ත්‍රීවාදය තුලද විවිධ රැලි පැන නැගුණි මෙන්ම ඉදිරියට ද පවතී. එම රැලි දේශපාලනය හරහා නව දේශපාලන සාකච්චා මතුවේ. ගෝටාගෝ ගම හරහා පිබිදෙන නව දේශපාලනය ජාතිකත්වය වෙත සිමා නොවනු ඇත. එය විශ්වීයත්වය වෙත ගමන් කරනු ඇත. මෙය දැනටත් හොදින්ම දැක ගත හැකිය. ඕමල්පේ සෝභිත ඇතුළු හිමි නඩය පැමිණෙන විට, ස්ත්‍රීන් බැරැක්ක මත නැග ‘ගෝටාගෝගම’ට තමන්ගේ හඬ මුදාහරින ලදී. එහෙත් ඕමල්පේ නඩේ පැමිණි විටම, ස්ත්‍රීන් ට එම බැරැක්ක මතින් බැස , නඩේ ට ගරු කරන ලෙසට පැවසූ විට, ඒවා ප්‍රතික්ෂේප කිරීම ද දැකිය හැක. එම උපදෙස් වෙත විවේචන ගෙන එම ඉතාම හොඳ ප්‍රවනතාවයකි. සිවුරුලෑම වරප්‍රසාද ලැබීමට හේතු කාරණාවක් නොවන බව සමාජ ගත වන්නේ මේ මොහොතේය. එය නව දේශපාලනයකි.

එසේම, අරගලය දැන් සිඝ්‍රයෙන් ‘පවු සමාකිරීමේ අවකාශයක් බවට ‘ පත් වන බවට චෝදනා එල්ලවේ. එහි එම චෝදනාවේ තාත්වික බවක් ඇත. එනම්, ‘එයත් දැන් අපෙ පැත්තේ, ඔයත් එන්න’, වගේ සමාජ මාධ්‍ය ජලා හරහා විවිධ ප්‍රදර්ශන දැකිය හැකිය. විශේෂයන් ම ජාතිකවාදී දේශපාලන ව්‍යපෘති මහා පරිමාණයෙන් ජන මනස වෙත රුපරචනය කල සුනිල් ආරියරත්න, ජයන්ත චන්ද්‍රසිරි ගේ පැමිණීම මගින් ‘ගෝටාගෝ ගම’ , ජාතිකවාදයෙන් මිදීම අභියෝගයක් වනු ඇත. නමුත්, එහි අනෙක් පසින්,විමසිය යුත්තේ, මෙම ජාතිකවාදීන් මේ මොහොතේ ගෝටාගෝ ගමට සම්බන්ද වන්නේ හුදෙක්ම ආර්ථික අර්බුදය මත විරෝධය ප්‍රකාශය ද නොමැතිනම් ඔවුන් නව දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීම වෙනුවෙන් අපේක්ෂා සහගත වන්නේ ද යන කරුණය.

සරලව නම්, 69 නව ලක්ෂය නොමැතිව නව දේශපාලනයක් වෙත යා හැකිද කියා නැවත විර්ශනයත් එම චෝදනා එල්ල කරන පාර්ශව සිතිය යුතු වේ.
පැරණි වාමාංශික කවයන් ජාතික ධජය මෙම ගෝටා ගෝ ගමේ දී මෙන්ම විරෝධතාවන් හි දී භාවිතාව විවේචනය කරන ලදී. එම විවේචනයේ පදනම නම්, ජාතික ධජයෙන් වැසි සිදු කල මානව සංහාරය. මුලතිව් කුඩා බිම් තීරුවක කොටු ව සිටින ජනයාට නොනවත්වා ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ජාතික ධජය යටතේ ය. උතුරු -නැගෙනහිර ජනයා ජාතික ධජය, හමුදාවේ නියෝජනයක් ලෙස සලකන අශිලාචාර දේශපාලනය ස්ථාපිත කරනු ලැබුවේ පාටලී චම්පික ඇතුළු දේශපාලනය විසිනි. මේ හේතුවෙන් ජාතික ධජය විරෝධතාතුලදී භාවිතා කිරීම දැඩිව විවේචනය කිරීම පිළිගත හැකිය. කල හැකි කරුණ නම්, එම ජාතික ධජය යට සිටින තරුණ ප්‍රජාවට යුද්ධය යනු කුමක්ද ? විමුක්ති කොටි සංවිධානය කල දේශපාලන ප්‍රකාශ මොනවාද ? දෙමළ ජන අරගලය කුමක්ද කියා වන සාකච්චාවක් ආරම්භ කිරීමය.

මෙම ලිපිය ලීවද අරගලයේ ස්වරුපය කෙසේ විය යුතු දැයි උපදෙස් දීමට මට කිසිදු සුජාත අයිතියක් නොමැත. පසුගිය දිනක, සමාජ මාධ්‍ය සජීවී විකාශනයක් මම නැරඹුවෙමි. එය, අකුණු ගසා වසින මහා රැයකි . මුහුදු සුළඟට ද මැදිව තරුණ-තරුණියන් එම රැයෙහි, සටන් පාඨ කියමින් සිටිනු මම දුටුමි. සැතපුම් 5541 ක දුරක සිට මම එම විකාශනය නරඹන විට සිතුවේ, මේ මහා වරුසාව සහිත රැයෙහි, ඔවුන් සමඟ සටන් නොකරන මා හට, ඔවුන් ගේ භාෂාව, සටන් පාඨ, ක්‍රමවේද, භාවිතා විවේචනය කිරීම ව කිසිදු අයිතියක් නොමැති බවය. ලිපිය පල වන මොහොතේ දී, ශ්‍රී ලංකාවේ සුර්ර්යා නව රාශියකට ගොඩ නැගී සිටින ඇත. එමෙන්ම, අරගල භුමියේ සටන් කරුවන්-කාරියන් ද නව දේශපාලනයක් වෙනුවෙන් තව රාශියක් වෙත පැමිණ සිටිනු ඇත. අරගලයක් දිනන නව වසරක් වේවා….

අරුණි සමරකොන්

leave a reply