සිය දිවි නසාගන්න තැත්කරන මිනිසුන් ගැන අපේ වගකීම ගැන කල්පනා කරමු

‘හමීඩ් රිස්වාන්’ කියන ඒ් අපූරු මිනිසා වෙනුවෙන් කිඹුල් කඳුළු හළනවාට වඩා, ව්‍යාජ මානවවාදී සටන්පාඨ කියනවාට වඩා,

සිය දිවි නසාගන්න තැත්කරන මිනිසුන් ගැන අපේ වගකීම ගැන කල්පනා කරමු…..

රිස්වාන් වගේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවී අනෙකා වෙනුවෙන් මිනිස් මැදිහත්වීම් සිදුකරන මිනිස් සමාජයක් බිහිකරන්නෙ කොහොමද කියලා කල්පනා කරමු…..

ඒ් වගේම දියේ ගිලෙන මිනිස් ජීවිතයක් දෙස බලාගෙන ඉන්නවට වඩා ජීවිතාරක්ෂක ක්‍රම අනුගමනය කරන පිරිසක් නිර්මාණය කරන උත්සාහ කරමු…..

ජීවිතාරක්ෂක දක්ෂතා අධ්‍යාපනයෙන් ලබා දිය යුතු නමුත් පහසුකම් නැති අපේ පාසල්වල සහ ක්‍රීඩාගාරවල අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට කිසිදු අවස්ථාවක් නෑ. ජාතයන්තර ක්‍රිකට් පිටියකට ඩොලර් මිලියන 50කුත් අක්කර 26කුත් කැපකරන්නට සූදානම් ව්‍යාපෘතියක් ගෙන ආවෙ රු. 2500කින් මාසෙ ගෙවාගන්න පවුලකට හැකි බව කියු ආර්ථික ඔස්තාර්.

නමුත් පාසල්වල වැසිකිලි හෝ ජල පහසුකම් නැතිව විඳින දරුවන් ගැන කිසිදු වගකීමක් පාලකයන්ටවත් දේශපාලකයන්ටවත් නෑ. ඒහෙව් ඒකේ ජීවිතය ආරක්ෂා කරගැනීමට පුහුනු කරන්න කවුරුවත් අවධානය යොමු කරයිද? දැන් රිස්වාන්ගෙ නමත් විකුණලා “පාසල් දහසකට පිහිනුම් තටාක දහසක්”, කියලා ඡන්ද ඒකතුකරන සටන් පාඨ අරන් ඒන්නත් බැරි නෑ….

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...