Breaking News

කාරක සභා රැස්වීමේදී එලියට විසිවුණා Vittorio Sgarbi

බහුතරයක් දේශපාලකයෝ සාමාන්‍ය මිනිසුන්ට වැඩිය අශිෂ්ඨයි. අපේ රටේ ජනතාව දක්ෂ දේශපාලකයෝ කියලා පිළිගන්න බහුතරයක් වංචාකාරයෝ ,බොරුකාරයො, දූෂිතයෝ . මැතිවරණ වලදී ඉහළ ජයග්‍රහණ අත්පත් කරගන්නේ මේ උදවිය .අශිෂ්ඨයාට, දූෂිතයාට , වංචනිකයාව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවන්න අපේ රටේ ජනතාව මැතිවරණවලදී අවිචාරවත් වෙනවා.බොහෝ විට ඉදිරි මැතිවරණයේදී අපිට හමු වන්නේ මෙවැනි ප්‍රතිඵලයක් . මේ ඒ පිළිබඳව විචාරයක් නෙමෙයි පුංචි මතක් කිරීමක් .

පහත පළ වෙන වීඩියෝව ඔබට නරඹන්න . මේ ඊයේ ඉතාලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාරක සභා රැස්වීමකදී සිද්ධ වෙච්ච දෙයක් . සාමාන්‍යයෙන් Vittorio Sgarbi නිතරම කලහාකාරීව හැසිරෙන පුද්ගලයෙක් .බොහෝ දේ පිළිබඳව දැනුම ගබඩා කර ගත් ඉතා සුළු දේටත් කිපෙන පුද්ගලයෙක් . ඉතාලි ජාතිකයන් අතර මොහු බාල්දි පෙරලන්නේක් හැටියට ඉතාම ප්‍රසිද්ධයි .

මොහු ඊයේ කාරක සභා රැස්වීමේ දී ආවේගශීලීව හැසිරෙනවා .කාරක සභාවේ සභාපති වරයා ඔහුට කීප වරක්ම අවවාද කරනවා. තැනට ගැලපෙන ලෙස හැසිරෙන්න කියලා . මාක්ස් එක දාගෙන කතා කරන්න කියලා . නමුත් ඔහු ඒ අවවාද පිලි නොගෙන වටේ හිටපු අනිත් කාරක සභාවේ සාමාජිකයන්ටත් පරුෂ වචනයෙන් බැන වදිමින් තැනට නො ගැළපෙන ආකාරයෙන් හැසිරෙනවා .

කාරක සභාවේ සභාපතිවරයාට ඔහුගේ තරාතිරම වැදගත් වුණේ නැහැ .එම ස්ථානයෙන් පිටව යන්න කියලා අවවාද කළත් ඔහු ඒක පිළිගත්තෙ නැහැ .පසුව කාරක සභාවේ සභාපතිවරයා තීරණය කරනවා ඔහු ව හතරගාතෙන් උස්සලා ආරක්ෂක නිලධාරීන් ලව්වා එළියට දාන්න .

leave a reply