කාරක සභා රැස්වීමේදී එලියට විසිවුණා Vittorio Sgarbi

බහුතරයක් දේශපාලකයෝ සාමාන්‍ය මිනිසුන්ට වැඩිය අශිෂ්ඨයි. අපේ රටේ ජනතාව දක්ෂ දේශපාලකයෝ කියලා පිළිගන්න බහුතරයක් වංචාකාරයෝ ,බොරුකාරයො, දූෂිතයෝ . මැතිවරණ වලදී ඉහළ ජයග්‍රහණ අත්පත් කරගන්නේ මේ උදවිය .අශිෂ්ඨයාට, දූෂිතයාට , වංචනිකයාව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවන්න අපේ රටේ ජනතාව මැතිවරණවලදී අවිචාරවත් වෙනවා.බොහෝ විට ඉදිරි මැතිවරණයේදී අපිට හමු වන්නේ මෙවැනි ප්‍රතිඵලයක් . මේ ඒ පිළිබඳව විචාරයක් නෙමෙයි පුංචි මතක් කිරීමක් .

පහත පළ වෙන වීඩියෝව ඔබට නරඹන්න . මේ ඊයේ ඉතාලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාරක සභා රැස්වීමකදී සිද්ධ වෙච්ච දෙයක් . සාමාන්‍යයෙන් Vittorio Sgarbi නිතරම කලහාකාරීව හැසිරෙන පුද්ගලයෙක් .බොහෝ දේ පිළිබඳව දැනුම ගබඩා කර ගත් ඉතා සුළු දේටත් කිපෙන පුද්ගලයෙක් . ඉතාලි ජාතිකයන් අතර මොහු බාල්දි පෙරලන්නේක් හැටියට ඉතාම ප්‍රසිද්ධයි .

මොහු ඊයේ කාරක සභා රැස්වීමේ දී ආවේගශීලීව හැසිරෙනවා .කාරක සභාවේ සභාපති වරයා ඔහුට කීප වරක්ම අවවාද කරනවා. තැනට ගැලපෙන ලෙස හැසිරෙන්න කියලා . මාක්ස් එක දාගෙන කතා කරන්න කියලා . නමුත් ඔහු ඒ අවවාද පිලි නොගෙන වටේ හිටපු අනිත් කාරක සභාවේ සාමාජිකයන්ටත් පරුෂ වචනයෙන් බැන වදිමින් තැනට නො ගැළපෙන ආකාරයෙන් හැසිරෙනවා .

කාරක සභාවේ සභාපතිවරයාට ඔහුගේ තරාතිරම වැදගත් වුණේ නැහැ .එම ස්ථානයෙන් පිටව යන්න කියලා අවවාද කළත් ඔහු ඒක පිළිගත්තෙ නැහැ .පසුව කාරක සභාවේ සභාපතිවරයා තීරණය කරනවා ඔහු ව හතරගාතෙන් උස්සලා ආරක්ෂක නිලධාරීන් ලව්වා එළියට දාන්න .

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...