Breaking News

ජොන්ස්ටන් මතක් කරදෙන ‘පාඩම’

චීනය වැනි ප්‍රභල රටක් අමනාප කරගන්නවාට වඩා බාල පොහොර නැවට අදාල මුදල ගෙවා දෙරට අතර මිත්‍රත්වය පවත්වා ගැනීම වාසිදායක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා තිබේ.

ඒ, මහනුවරදී ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

අසූචී නැවකට මුදල් ගෙවූ බව පවසමින් විවේචන එල්ල කිරීම පහසු වුවත් ප්‍රභල රටක් අමනාප කර ගැනීම ඊට වඩා අවාසිදායක බව තේරුම් ගතව යුතු යැයි පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අවශ්‍යම මොහොතක ඩොලර් බිලියන 1.5ක් පලමුව මෙරටට ලබා දුන්නේ චීනය බවත් චීනය අමනාප කර ගැනීම රටල් ලෙස මෙරටට විශාල පාඩුවක් බවයි.

මෙම පොහොර නැව බාරගත්තා නම් ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි ඇමතිවරු චීනය තරහ වෙන නිසා පොහොර නැව බාරගන්න වෙනවා යනුවෙන් පැවසුවද පුදුම විය යුතු නැත.

ජොන්ස්ටන් වැනි ඇමතිවරුන්ට වැදගත් වන්නේ තමන් නියෝජනය කරන පිළේ බලය රැක ගැනීමයි. එම ක්‍රියාවලියේදී චීනයට, ඇමරිකාවට, ඉන්දියාවට නොව ඕනෑම රටක් ඉදිරියේ තමන්ට ඡන්දය දුන් ජනතාව පාවා දෙන්නට ඔවුන් පසුබට වෙන්නේ නැත.

එසේම මේ ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමතිවරු මව්බිම මව්බිම යනුවෙන් පපුවලට ගසා ගත්තද අවසන් ලෙස ඔවුන් නියෝජනය කරන්නේ ලොකු ලොකු ව්‍යාපාරිකයන්, බලවත් රටවල වුමනාවන් බව ජොන්ස්ටන් අපිට මතක් කර දෙයි.

leave a reply