Breaking News

රාජපක්ෂලා අගුපිලේ ලගින බල්ලන් සේ ය

සමන්සිරි හේරත්

බලයේ ඉන්න
බලය ගන්න
බලාපොරොත්තුව ඉන්න
කිසිවෙකුටත් තවමත් ජනතාව එළියෙ නගන හඬ පැහැදිලිව ඇසී නැති සේය.

අවුරුදු දෙකක් ආණ්ඩුව ඇතුලේ මළ මිනියක් සේ හිටපු මහින්ද හදිසියේම ඇවිත් ජාතිය අමතනවා. මහින්දගේ ජාතිය ඇමතීම තුලත් ජාතිය කෙටවීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න උත්සාහ දරනවා… මහින්දට මේ අවස්ථාවේ ජාතිය ඇමතීමට කිසිම වගකීමක් පැවරී තිබුණේ නැහැ… නාගන්න හරි රීගන්න හරි ජාතිය අමතනවා නම් අමතන්න තිබුණේ ගෝඨාභය නැමැති අධි උද්දච්චයා විසිනුයි….

ධනයට බලයට කෑදර කමින් මළ මිනියක් සේ මේකප් වලින් සහ අනුන්ගේ ආධාරයෙන් ඉන්න මහින්ද මේ වෙලාවේ ජනතාව ඉදිරියට එන්නේ පරම පිවිතුරු ජනතාව ඇන්දවීමේ උවමනාව ඇතිව යි. ඒත් ඒ ටොෆි කන්න තරම් අද රටේ මිනිසුන් රාජපක්ෂ අනුරාගයෙන් නැති බව තේරුම් ගන්න ඕනා . කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ මහින්ද ජනතාව ඇමතූ දාට පසුදා පීඩාවෙන් මිරිකී ඉන්න ජනතාව දේශපාලන බලාධිකාරිය ට එරෙහිව කරන අරගලවලට මැරයො දමා ප්‍රහාර එල්ල කරන්න හිටියත් එකත් සාර්ථක ව්‍යාපෘතියක් ලෙස අවසාන වුනේ නැහැ….

තමන් ගහන තුරුම්පු වැඩ කරන්නේ නැති තැන මහින්ද අද ගෝල්ෆේස් එකේ විරෝධතාවයේ නියෝජිතයන් සමග සාකච්ඡාවකට සූදානම් කියලා පණිවිඩයක් එවලා තියෙනවා. කතාව ආරම්භයේදීම පටන් ගත්තේ මොවුන්ට මේ ජනතාව කියන දේ නොතේරෙන කියන්නට හොඳ උදාහරණයක් තමයි ඒක. ඇත්තටම ඒක නොතේරෙන කම නෙමෙයි…. තේරෙන නොතේරුනා වගේ ඉන්න ඉන්න එක….. මේ හදන්නේ ජනතාවට තවත් සීනිබෝලයක් ටෝෆියක් දීලා ඔවුන්ගේ බලය රැක ගැනීමේ ව්‍යාපෘතිය ඉදිරියට අරගෙන යන්නයි….

පාරට බැහැලා විරෝධතා කරුවන් කියන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පවුලට ගෙදර යන්න කියලා පමණක් නෙමෙයි…. මෙතෙක් කලක් රට පාලනය කරපු තක්කඩි හැමෝටම මේ රට ජනතාවට භාර දීල ගෙදර පලයං කියලයි…. එපමණක් ද නොව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම තක්කඩියෙක්ම ගෙදර යන්න කියන සටන් පටය ඇතුලේ ඉන්නවා….

මොවුන් ජනතාවගේ කතාව හරියටම තේරුම් ගත්ත නම්……. හොරාට නිදාගෙන ඉන්න උන්ට කොච්චර කතා කලත් ඇහෙන් නෑ වගේ….. හොරාට කන් වසන් ඉන්න වුන්ටත් මේ කතාව ඇහෙන්නේ නෑ…. සජිත්ට විශ්වාසභංග ගේන්න හෝ මූණු මාරු කරලා ආණ්ඩු නිර්මාණය කරන්න හෝ අවශ්‍යතාවයක් නැහැ …. ගෝඨාභය නමැති හොර දෙටුවා ට වෙනස් වෙනස් ආකාරයෙන් ආණ්ඩු පිහිටුවන්න කරදර වෙන්න උවමනාවකුත් නැහැ… රටේ ජනතාව එක හඬින් කියන්නේ ඉල්ලා අස්වෙලා පලයව් කියලා… නිකම්ම නිකං නෙමෙයි රටේ ජනතාවගේ මංකොල්ල කාපු සියලු ධනය නැවත බාර දීලා…. එපමණක්ද නෙමෙයි මේ ගෙදර පලයව් කියන එකේ තේරුම ගෙදර යන්න කියන එක නෙවෙයි….. මුන්ව හිරගෙට දක්කන්න ඕන කියන එක …..

ඉතින් අපි මහින්දට කියනවා මහින්ද කරුණාකරලා තවත් කාලය කා දමන්න එපා… ජීවිතේ තව ඉතිරි වෙලා තියෙන්නෙ සමහර විට හෙට දවස පමණක් වෙන්න පුළුවන්… අඩුම තරමේ ඒ දවස හරි නිවිහැනහිල්ලේ ඉඳලා මකබෑ වෙලා යන්න කියල තමයි මේ ජනතාව කියන්නේ…. ඒ නිසා කතන්දර ඕනෙ නැහැ…. සනුහරේ එක්කම ජනතාව තීන්දු කරන තැනට යන්න ලෑස්ති වෙයන් මහින්ද ගෝඨාභය කියලා අපි කියනවා…

තවදුරටත් උඹලා එක්ක එකතුවෙලා ගොඩනඟන්න අපට රටක් නැහැ…… මේක තොපි එකතුවෙලා හපයක් කරලා අවසානයි… ඒ හපය කොහොමහරි අපි නැවත පණ ගන්වලා ගන්නම් හැබැයි ඒ තොපිත් එක්ක නෙවෙයි… මේ රටේ පීඩිත ජනතාව සමග… මේ රටේ සිංහල, දෙමළ මුස්ලිම්, මැලේ, බර්ගර් මේ හැමෝම මිනිස්සු එක්ක. බෙදුනු ජාතීන් විදිහට නෙවෙයි ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට අපි මේ රට ගොඩ ගන්නම්

අපි උඹලට කියන්නේ දැන් මෙතනින් බැහැලා පලයව් කියලා.

leave a reply