Breaking News

ජවිපෙ මැදිහත්වීමට නිර්පාක්ෂික අරගල කරුවන් විරෝධය පාන්නේ ඇයි

නිර්පාක්ෂික පුරවැසි අරගලය #අල කරන්න ඉඩ නොදෙමු.

17,18,19 දින වලදී බේරුවල සිට කොළඹ දක්වා පාගමනක් ජවිපෙ විසින් සංවිධානය කොට ඇත.කොළඹට පැමිණ ගාලු මුවදොර ජන අරගලයට ඒකරාශී වීම ඔවුන්ගේ අරමුණයි. ඒකට මම කැමතියි.

ඕනෑම පක්ෂ සාමාජිකයෙකුට මෙම පුරවැසි අරගලය හා සම්බන්ද වීමට මට මෙන්ම සමාන හිමිකමක් ඇත. ඒ ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට මිසක පක්ෂයක් විදියට නෙමෙයි.

නමුත් ජවිපෙ දේශපාලන මගපෙන්වීමක් කරන්න සූදානම් , අරගලය මග නතර නොවී හුදෙකලා නොවී ඉදිරියට අරගෙන යන්න ඒ අය එනවා කියලා ඊයේ තිබුණු මීඩියා කන්ෆරන්ස් එකේදී ටිල්වින් කියනවා. ඒකට කිසිම සදාචාරාත්මක අයිතියක් ජවිපෙ හෝ කිසිම දේශපාලන පක්ෂයකට නැත. මේක පුරවැසි අරගලයක්.

මිනිස්සුන්ට , මිනිස්සුන්ගේ කැකෑරුණු දේශපාලන අසහනය තිබ්බ වෙලාවේ ඒක ගණන් නොගෙන තම තමන්ගේ දේශපාලන කැම්පේන් කරපු විපක්ෂ කණ්ඩායම් හෝ ඒ වෙලාවේ අපි නම් නෑ, අපි දන්නෑ , වගකීම ගන්නෑ , ඔහොම අරගල කරන්න බැහැ කියපු පාදඩ විපක්ෂ කණ්ඩායම් වත් මේ මොහොතේ පවතින අරගලයට කොහෙත්ම අවශ්‍යය නැත.කොටින්ම කිව්වොත් මේක පුරවැසියන් විසින් හොදින්ම කරගෙන යන අරගලයක්.
ආණ්ඩුව මෙන්ම විපක්ෂයද #පාදඩකරණයට ලක් වී තිබෙන බව හොදින්ම පැහැදිලි වෙන අවස්තාවක් මේක. අනික් කාරණාව යුගයේ ආශ්වාදය සහ කොළඹ මැද පන්තියේ ජීවන රටාව ගෝල්ෆේස් අරගලය වී තිබෙන නිසාම විපක්ෂ කණ්ඩායම් මේ අවස්තාව උපයෝගී කරගනිමින් ඉන්නවා තැටිය රත් වුණු වෙලාවේ රොටිය පුච්චගන්න.

හැබැයි මේ කරන වැඩේ පුරවැසි අරගලය දියාරු කරන වැඩක් මේ කරන්නේ.. ජවිපෙට ආයෙත් කියනවා මේ දේ කරන්න එපා.මේ අරගලය නිර්පාක්ෂිකව ගලා ගෙන යන්න දෙන්න.

නිර්දේශපාලනික නැහැ.100%ක්ම හේතු වුණු අරමුණු දේශපාලනිකයි. හැබැයි මේ වෙලාවේ නිර්පාක්ෂිකව හැමෝම මේ අරගලයට සම්බන්ද වෙලා තියෙනවා.

මේ අරගලය වෙනත් කිසිම බාහිර බලපෑමකට යටත් නොවී ලේබල් නැතුව ප්‍රගතිශීලී මිනිස්සු ටික එකතු වෙලා හරි අමාරුවෙන් , සතුටින් කරගෙන යන අරගලයක් මේක.

මේ අරගලයට දේශපාලන මුහුණුවර දෙන්න එපා. පොදු සටන් පාඨය අරගෙන එන්න. නැවත කියනවා පුරවැසියන් පිළිගනිමි. පක්ෂයන් ප්‍රතික්ශේප කරමි.

මේ පුරවැසි අරගලය ගැන, පොදු මහජනතාව ගැන ජවිපෙට ඇත්තම කැක්කුමක් තියෙනවා නම් මේ අරගලය දේශපාලන පා ගමනක් කරගන්න එපා. පාක්ෂිකයෝ හැමෝටම කියන්න

ගෝල්ෆේස් ගිහින් ඒකේ තියෙන පුරවැසි අරගලයට සහාය දක්වන්න කියලා.❤️

එතන ඉන්න අය එක්ක උරෙන් උර ගැටි ගැටි අරගලයේ නිරත වෙන්න කියලා, ඒ අය එක්ක කාලා බීලා, ජීවිත දේපල රැකගෙන ප්‍රචණ්ඩත්වයෙන්
තොර ,සාමකාමි ස්මාර්ට් අරගලයක් කරන විදිය ගැන කතා කරගන්න කියලා පාක්ෂිකයොන්ට කියලා එවන්න.????

දන්නේ නැති දේවල් ඉගෙන ගන්න කියන්න. අරගලය ගැන දන්න දේවල් එතන අනිත් අය එක්ක සාකච්ඡා කරන්න කියන්න.

ජවිපෙ පුලුවන් නම් එතනට #දියුණු වෙන්න. අප්ග්‍රේඩ් වෙන්න උත්සාහ කරන්න.

හෙට දවස අදුරු නැති වෙයි එහෙම වුණොත් ❤️????

නිර්පාක්ෂික පුරවැසි අරගලයට ජය.! ❤️????

ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී, ස්මාර්ට් අරගලයට ජය.! ❤️????

උපුටා ගැනීම Rahul Dushmantha

leave a reply