ලෝක ජනගහනය ආර්ථික අර්බුදයක පසුවද්දී සුළු පිරිසක් ට්‍රිලියනපතියන් බවට පත්වෙයි .

ලෝක  ධනවතුන්ගේ ධනය 2023 ට වඩා තුන් ගුණයකින් 2024 දී ඉහළ ගොස්  ඇති බව ගෝලීය උපදේශක කණ්ඩායමක් වන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය පවසනවා . මොවුන්ගේ ධනය 2024 වසරේදී ඩොලර් ට්‍රිලියන දෙකකින් වර්ධනය වී තිබේ . දළ වශයෙන් මේ වර්ධනය දිනකට ඩොලර් බිලියන 5.7 ක් පමණ වෙනවා .

2023 වසරේ වාර්තා වූ  ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව 2565 වූ අතර 2024 දී 2769 ක් දක්වා ඉහළ ගියේය . වසරක් තුළ ප්‍රකෝටිපතියන් 204 දෙනෙකු වැඩි වී තිබේ .සැම වසරකම සතියක් තුළ අලුතින් ප්‍රකෝටිපතින් සිවුදෙනෙකු බිහිවන බවත් ප්‍රකෝටිපතින් සතු ධනයෙන් පහෙන් තුනක්ම ලැබී ඇත්තේ උරුමය, ඒකාධිකාරී බලය හෝ හිතවතුන්ගේ සම්බන්ධතා හේතුවෙන් බව එම වාර්තාවේ දැක්වේ නවා . ඔවුන්ගේ ඒකාබද්ධ ධනය ඩොලර් ට්‍රිලියන 13 සිට ඩොලර් ට්‍රිලියන 15 දක්වා මාස දොළහක් තුළ ඉහළ ගියේය.

පසුගිය වසරේ ඔක්ස්ෆෑම් ආයතනය අනාවැකි පළ කළේ දසකයක් ඇතුළත පළමු ට්‍රිලියන ප්‍රතියා බිහිවන බවටයි. කෙසේ වෙතත් සියලු ආර්ථික පසුබෑම් හමුවේ පවා, ඇති වූ වසංගත ආර්ථික වටපිටාව යටතේ පවා සිදුව ඇත්තේ  සීග්‍රයෙන්   බිලියනප්‍රතියන් ට්‍රිලියන ප්‍රතියන් බවට පත්වීමයි. ඒ අනුව ඉදිරි කාල රාමුව තුළදී ට්‍රිලියනපතියන් පස්දෙනෙකුවත් ලෝකය  හමුවට පැමිණෙනු ඇතැයි පෙන්වා දෙනවා. මෙසේ අති දැවැන්ත ධන සංකේන්ද්‍රණයක් නිර්මාණය වෙමින් පවතින්නේ ලෝක ජනගහනයෙන්  අති බහුත දුප්පතුන් බවට පත්වෙමින් තිබෙන තත්ත්වයක් යටතේදීය.

ගෝලීය ආර්ථිකය වරප්‍රසාද ලත් සුළු පිරිසක් විසින් අල්ලා ගැනීම සිතාගත නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින බව ඔක්ස්ෆෑම්  ජාත්‍යන්තර සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අමිතාබ් බෙහාර් පෙන්වා දෙනවා.

ගෝලීය වශයෙන් පවතින අසාමානතාවය පිළිබඳ සිය තක්සේරුව ඉදිරිපත් කරමින් ඔක්ස්ෆෑම සංවිධානය විසින් මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ ලොව දේශපාලන හා මූල්‍ය වශයෙන් බලවත් රටවල් සහභාගී වන ලෝක ආර්ථික සංසදයේ සමුළුව ස්විට්සර්ලන්තයේ ඩවෝස් නගරයේදී ඇරඹීමට නියමිතව  තිබෙන මොහොතකය .

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...