ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කරයි

මේ වන විට කොරෝනා වසංගතය නිසා ජනතාව පීඩාවට පත්ව සිටියද ආණ්ඩුවට සිදුවන පාඩුව සළකමින් ඉන්ධන මිල වැඩි කරන බව ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල පවසයි.

මේ දක්වා ඛනිජ තෙල් මිල ඉහළ නොදමා පැරනි මිලටම මාස ගනනක් පාරිබෝගික ජනයාට නිකුත් කිරීමෙන් රු බිලියන 331ක අලාබයක් සිදුව ඇති බවද ඔහු පවසා ඇත.

ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමති මණ්ඩලය සළකා බලා අවසාන වශයෙන් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඇමති ගම්මන්පිල පවසයි. එකවර මිල ඉහළ දැමීමක් නිවේදනය කළ හොත් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ඇති වීමේ ගැටලුවක් ඇති විය හැකි නිසා මිල ඉහළ දැමීමේ ප්‍රමාණය හා දිනය ඉදිරියේ දැනුම් දීමට හැකිවනු ඇතැයිද ඔහු පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...