ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කරයි

මේ වන විට කොරෝනා වසංගතය නිසා ජනතාව පීඩාවට පත්ව සිටියද ආණ්ඩුවට සිදුවන පාඩුව සළකමින් ඉන්ධන මිල වැඩි කරන බව ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල පවසයි.

මේ දක්වා ඛනිජ තෙල් මිල ඉහළ නොදමා පැරනි මිලටම මාස ගනනක් පාරිබෝගික ජනයාට නිකුත් කිරීමෙන් රු බිලියන 331ක අලාබයක් සිදුව ඇති බවද ඔහු පවසා ඇත.

ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමති මණ්ඩලය සළකා බලා අවසාන වශයෙන් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඇමති ගම්මන්පිල පවසයි. එකවර මිල ඉහළ දැමීමක් නිවේදනය කළ හොත් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ඇති වීමේ ගැටලුවක් ඇති විය හැකි නිසා මිල ඉහළ දැමීමේ ප්‍රමාණය හා දිනය ඉදිරියේ දැනුම් දීමට හැකිවනු ඇතැයිද ඔහු පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...