ගෝටා ගෝ හෝම් අරගලය සුජාත කර ඇත්තේ සමාජ මාධ්‍යයේ දරුවෙකු ලෙස යි. එහි ඇත්තක් තිබේද යන ප්‍රශ්නයට පිළිගත හැකි, පිළිගත නො හැකි උත්තර තිබුණත් නැතැත්, මේ දරුවා බිහිකිරීමට හේතු සාධක වී ඇති කාරණා දෙකක් ඇත. එක රාජපක්ෂලාගේ කාලකණ්නි පවුල් පාලනය. දෙක, වසර සියයක පමණ මෙරටේ ක්‍රියාත්මක වූ ආණ්ඩුකරණයන් හා ප්‍රතිපත්ති. මේ සමස්ථයේ උච්ඡස්ථානය ගෝටාභයගෙන් පරිසමාප්ත වීම නිසා අද දවසේ අරගල බිම මේ විදිහට නිර්මාණය වී ඇත.
දැන් මේ අරගලයට නිසි දේශපාලනික අයිතිකාරයෙක් නැති බවක් පෙන්නුම් කරයි. අයිතිකර ගන්නට ඉඩකුත් නො දෙයි. යම් කෙනෙක් මීට ඇතුල් වන්නේ නම් පංසලට පල්ලියට ඇතුල් වන විට සෙරෙප්පු ගලවා ඇතුල් විය යුතු සේ තමන්ගේ දේශපාලනික අනන්‍යතාව ගලවා දමා පැමිණිය යුතු තැනට පත් වී ඇත. මෙය නව භාවිතාවක් ලෙසත්, ඊට අනුමැතියක් ඇති වීමෙන් පෙන්නුම් කරන්නේ නිර්පාක්ෂික අරගල සන්දර්භයේ ඇති සාධනීයත්වයට වඩා පක්ෂ දේශපාලනයේ ඇති නිෂේධනීය ප්‍රථිඵලයි. දෙසිය විසිපහම එපා කියති. පාර්ලීමේන්තුව ද ඒ තුළ ප්‍රතික්ෂ්‍යප කරති. ගෝටාභයට යන්න කියති. රාජපක්ෂලාට ද එසේමය. එහි විවාධයක් නැත. හැත්තෑ හතර වසරක පාලනයේ ආර්ථික සමාජීය දේශපාලන ප්‍රතිපත්තින් ද වෙනස් කළ යුතු නිසා මේ පවතින රාජපක්ෂලාගේ කාසියේ අනෙක් පැත්තටද විසඳුමක් නැති බව නම් හැබෑ ය.
එහෙත් ඊට විවේචන විමර්ශන, පර්යේෂණ ඇතිව ද, විකල්ප හා වෙනසක් සහිතව ද රට සංවර්ධනය කිරීමේ දේශපාලන මාදිලීන් මෙම නිර්පික්ෂික සන්දර්භයට එලියේ ක්‍රියාත්මක වීම බැහැර කළ නො හැකි ය. නමුත් මෙම බලවේගවලට ඇති සිය අනන්‍යතාව සහිතව තම තමන්ගේ ක්‍රියාකාරීත්වය කරගෙන ගිය ද, ඔවුන් ද මෙකී අරගලය තුලට අන්තරග්‍රහණය කර ගැනීමට දෙපැත්තම අසමත් වී ඇත. මෙම අසමත්වීමේ එක පැත්තක් ස්වභාවික දෙයක් ලෙස විවේචනය කළ හැකි වුවත්, එනම් නිදසුනකට ජනතා විමුක්ති පෙරමුණ මුල්කර ගත් ජාතික ජනබලවේගය.
නමුත් අනෙක් පැත්ත වන නිර්පාක්ෂික අරගලය ස්වභාවික විය හැකි ද. මෙම දෘෂ්ටිවාදය පැමිනෙන්නේ හා මෙහෙයවන්නේ කුමක් සඳහා ද යන්න ගැන අවිස්වාස කරනවාට වඩා විමසිලිමත් වීම අවශ්‍ය වන්නේ ලංකාව නම් වූ අසරණ භූමියත් ජනතාවටත් මහා කාරුණාව දයාව ආදරය ඇති දහස් සංඛ්‍යාත මිනිසුන්ද මේ තුල සිටින නිසා ය. මේ නිසා මේ අරගලය ෆේස්බුක් අරගලයක් ලෙස හුවා දක්වමින් එයට සුජාතභාවයක් දෙන්නට යමෙක් හදනනේ නම්, එහි හිමිකාරිත්වය ගමන් කරන්නේ නව ලිබරල්වාදයේ නූතනත්වයටයි. දෙවැන්න අමෙරිකාවටයි. තුන්වැන්න ඉන්දියාවටයි. එය එසේ නම් අනිවර්යය ලෙසම සී. අයි. ඒ. සංවිධානයක්, රෝ ඔත්තු සේවාවත් මෙයට නායකත්වය දෙනු ඇත. ඔවුන්ට මේ රටේ සැබෑ නිදහසක් හා සාධාරණත්වයක් දැකීමට ඇත්තටම උවමනාවක් තිබේ ද. වරෙක රාජපක්ෂලාට සහයෝගය දෙන්නේත්, වරෙක පෙරලා දමන්නේත්, නැවත ගෙන එන්නේත්, දැන් ඕන නම් අතුගා දමන්නට කාලය හරි බව තීරණය කරන්නේත්, ඔවුන් ඔවුනට අවනත නො වන නිසා නොව, ඔවුන්ගෙන් නැඩක් නැති නිසා ය. එය උපමාවකින් අවබෝධකර ගැනීමට ඇති හොඳම දේශීය උදාහරණය වීරවංශ ගම්මන්පිල, වාසුදේව තුන් බෑයෝ ය.
මේ නිසා මගේ අවබෝධයේ තරමට, පෙර කී පරිද්දෙන් මේ අරගලය සාකල්‍යවාදී විය යුතු ය. නිර්පාක්ෂිකත්වය පාක්ෂිත්වයක් බවට පත් කළ යුතු ය. සමාජ මාධ්‍ය අරගලය භූමියට පැමිණ ඇති බැවින් එය පිටස්තර හෝ අදෘශ්‍යමාන රිමෝට් කන්ට්‍රෝලයක් හෝ වෙනත් අජෙන්ඩා බවට පත් වීම වලකා ගත හැකි වන්නේ, බුදධිමත් ජනයාගේත්, අවංක හා විශ්වාසය තැබිය හැකි ජනයා හා සංවිධාන සමග ඇති කර ගන්නා සංවාදයක් හා වැඩ පිළිවෙළක් හරහා පමණි. මේ ගිලෙන නැවෙන් තම තමන් බේරීමට රාජපක්ෂලා ද, මෛත්‍රිලා ද, වීරවංශලාද සාකච්ඡා සංවාද සම්මන්ත්‍රණ පවත්වන්නේ නම්, මේ අගාධයට තල්ලු කරන ක්‍රමය වෙනස් කිරීමට තම තමන් තුල සිටින අධිපතියා සමග කතා කර මුලින්ම ආත්මීය එකඟතාව හදාගෙන එය පොදු දෙයක් බවට පත් කර ගැනීමට ඇතුලු විය යුතුය. ඊට පසුබිමක් නිර්මාණය වී ඇත. කළ යුත්තේ එය කොතැනින් හෝ ආරම්භ කර සහ සම්බන්ධ කිරීම ය.
එසේ නොවන්නේ නම්, කවුරු කැමැති වුවත් නැතැත්, මේ යන විදිහට රට ගමන් කරනු ඇත. මන්ද ඒ මාර්ගය සඳහා යටි තලය ද උඩු තලය ද සැකසී ඇති හෙයිනි. එහෙත් අති මහත් ජනයා කර්මයට යටත් වී කබලෙන් ලිපට වැටී අලු දූවිලි වීම සිදු වනු ඇත.
ඉතින් මේක සරල නැත. නමුත් එය කළ හැකි ය. කළ යුතු ය.
තවත් පිටුවකින් නැවත හමුවෙමු.
උදය ආර් තෙන්නකෝන්