දැන්වත් මේකට මැදිහත් වෙයල්ලා බූරු හැත්ත

වගකීම් විරහිත ආණ්ඩුව කටුනායක වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ ජීවිත බරපතළ අවදානමකට පත් කර තිබේ. ඇඳිරි නීතිය පැනවීමත් සමග නිවෙස් වෙත යාමට නොහැකි වූ දහස් ගණනක් කම්කරුවන් වෙළෙඳ කලාපය තුළ සිරවී සිටි අතර ඔවුන් නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් විය. කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති, කලාපයේ සිර වී සිටින කම්කරුවන් සහ මාධ්‍යවලින්ද මෙම ඉල්ලීම් ඉදිරිපත් විය.

ඊට ප්‍රතිචාරයක් ලෙස ඇමැති ප්‍රසන්න රණතුංග ඊයේ පැවසුවේ සියලුම කම්කරුවන් නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා බවයි. කම්කරුවන් විශාල පිරිසක් නැති බවත් බොහෝ දෙනකු නිවෙස් වෙත ගොස් තිබෙන අතර 500ත් 1000ත් අතර පිරිසක් පමණක් සිටින බවත් ඇතැමුන් බොරු ප්‍රචාර ගෙන යන බවත් ඔහු පැවසුවේ කම්කරුවන් දහස් ගණනක් සිරවී සිටින බවට කෙරුණු දැනුම්දීම්වලට ප්‍රතිචාර වශයෙනි.

කොතරම් කම්කරුවන් පිරිසක් නවාතැන්වල සිරවී සිටින්නේද යන්න පිළිබඳ කිසිදු අවබෝධයක් වගකීම් විරහිත ආණ්ඩුවට නොතිබූ බව පැහැදිලිය. එසේම අද උදෑසන 5ට මෙම කම්කරුවන්ට වෙළඳ කලාපයේ ප්‍රධාන ගේට්ටුව අසල රැස්වෙන ලෙස දන්වා තිබුනත් උදෑසන 10පමණ වනවිටත් ඒ සඳහා ඔවුන්ට කිසිදු කෑම බීමක් හෝ නොමැතිව ඒ අසල රැඳී සිටීමට සිදුව තිබේ. ආණ්ඩුවේ බලධාරීන් පවසා ඇත්තේ උණ තිබේදැයි පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරු පැමිණෙන තුරු මෙලෙස රැඳී සිටිය යුතු බවයි. ආණ්ඩුව විසින් ඇඳිරි නීතිය පනවා ඇත්තේ ජනතාව එක් රැස්වීම වළක්වා කොරෝනා වසංගතය පාලනය කිරීමට බව පවසමිනි. එසේනම් මෙම කම්කරුවන් එකපොදියට රැස්කිරීම හරහා වයිරසය පැතිරීමේ අවදානමක් නැතිවෙන්නේ කෙසේද යන පැනය මතුවේ.
උපුටා ගැනීම www.lankaviews.com



මේ ආණ්ඩුව කොච්චර තක්කඩිද? වගකීම් විරහිතද? කියලා මේ ෆොටෝවලින් පේනවා. ටීවී එකට ඇවිත් අපිට මීටරෙන් ඉන්න කියන, මාස් දාගෙන නැති උන්ට පොලිසිය ලව්වා කමිස ගලවලා මූණු වහන ආණ්ඩුවේ තක්කඩි, කටුනායක කම්කරුවන් ‍‍‍හෙළා තිබෙන අවදානමක තරම… දැන්වත් මේකට මැදිහත් වෙයල්ලා බූරු හැත්ත
ජනක තුෂාර

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...