වරාය නගර පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නියෝග පිළිගන්නවා – මහින්ද රාජපක්ෂ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නියෝගයන් පිළිගන්නා බවත් එම සංශෝධන දෙවැනි කියවීමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබේ. එසේම සියලු සහෝදර පක්ෂවලට ඇහුම්කන් දෙමින් තවත් සංශෝධන ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත.

කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතු යැයි යන රෙගුලාසිය ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ඒ සඳහා අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයින්ට නොමැති අවස්ථාවල දී එම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබාදිය යුතු බව ද අගමැතිවරයා පවසා ඇත.

අද (19) උදෑසන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ආරම්භ වු අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා එම අදහස් පළ කර තිබේ.

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සිටිය යුතු බවත්, එහි සභාපතීත්වය ද ශ්‍රී ලාංකිකයෙකුට හිමි විය යුතු බවට වන යෝජනාවත් පනත තුළින් ම තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා සඳහන් කරයි.

මේ අතර කොළඹ වරාය නගරය ඉදිකිරීමෙන් පුද්ගලයින් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මුල් වසර 5 තුළ දී රැකියා හිමිවන බවට තක්සේරු කර ඇතැයි ද අගමැතිවරයා පෙන්වා දී ඇත.

කොළඹ වරාය නගරය පදනම් කර ගනිමින් ඉදිරි වසර 5 තුළ දී අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසු අගමැතිවරයා ඉහළ පෙළේ ආයෝජකයින් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ඉතාලියේ සෞඛ්‍යය සහ ආරක්ෂක වියදම්

සෞඛ්‍ය ප්‍රතිපාදන  ඉතාලි රජයේ 2027 අයවැය කෙටුම්පත මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය...

පන්ති සටන මර්දනය කිරීමට මර්දන පනත් හදනවා – ශාන්ත විජේසූරියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මර්දනකාරී පනත් කිසිදු...

“කොලඹ පැත්ත බාරගත් අය” දැනගත යුතු කාරණා මේවාය !

1- කොළඹ යනු වගුරුබිමකි. නගරයක් ලෙස සංවර්ධනය වීමට පෙර,...

ගම්පහ මහ්ස්ත්‍රාත් මාරුකිරීම – අනුරගේ පොලීසියට බලතල වැඩි කළොත් කොහොම තියෙයිද?

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්...