ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ.
මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා මෙම නව ක්‍රමයට යාවත්කාලීන කිරීමේ කොටසක් ලෙස එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට වඩාත් තරඟකාරී මිල ගණන් යටතේ ආනයනවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි.
පැවති ආනයනික ප්‍රතිපත්තීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට (DCTS) වැඩිදියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමඟින් වෙළෙඳාම පහසුකරවන අතර ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපරකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍ර වේශය මේ සමග හිමිවනු ඇත.
එහෙත් ප්‍රශ්නයක් ලෙස පවතින්නේ ලංකාව වැඩිම ඇගළුම් ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඇමරිකාවට වීම් නිසයි.එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්වි පාර්ශ්වික වෙළෙඳාමේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 කි. පසුගිය වසරේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 368.2 භාණ්ඩ අපනයනය කර තිබූ අතර 2023 වසරට සාපේක්ෂව සියයට 4.9 ක ඉහළ යාමක්ද විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර තිබෙන අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.1 ඉහළ යාමකි.
එසේම ඇඟලුම් සමාගම් හිමිකරුවන්ගේ සංගමය විසින් අගෝස්තු 1 වන දින සිට සියලුම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ක්‍රියාත්මක සියයට 30 ක තීරු බදු පැනවීමට එක්සත් ජනපදය ගත් පියවර සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුණි.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ කලාපීය අනෙකුත් තරඟකාරී රටවල්වලට වැඩි වාසියක් මේ හරහා උදාවෙනු ඇති බවයි.
“සියයට 30 ක තීරු බදු පැවතුනහොත්, එක්සත් ජනපද ගැනුම්කරුවන් අඩු තීරු බදු රටවලට සංක්‍රමණය වීමේ අවදානමක් අපට ඇත,” යනුවෙන් JAAF අනතුරු ඇඟවූ අතර, ශ්‍රී ලංකාවට වඩා හොඳ එකඟතාවයක් ලබා ගැනීම සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිතයා (USTR) සමඟ ක්‍රියාකාරී සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ .
කලාපයේ තරඟකාරී අපනයන ආර්ථිකයන් හා සසඳන විට ශ්‍රී ලංකාව අවාසිදායක තත්ත්වයක සිටින බව JAAF පෙන්වා දෙයි. වියට්නාමය එක්සත් ජනපදය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹ ඇති අතර ඔවුන්ට නියමිත තීරුබදු ප්‍රමාණය සියයට 20 කි. බංග්ලාදේශය දැනට සියයට 35 ක පොලියකට යටත් වුවද, එහි අනුපාතය අඩු කිරීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත. ඉන්දියාවේ කොන්දේසි තවමත් සාකච්ඡා මට්ටමේ පවතී.