කාලය ගත කරනවා මිස ලංකාවේ ආණ්ඩු අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකරන්නේ නැහැ – සන්ධ්‍යා එක්නැළිගොඩ

වින්දිතයින් හිංසනයට හා බියට පත්කරමින් කාලය ගත කරනවා මිස ශ්‍රී ලංකාවේ ආණ්ඩු අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු නොකරන බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි.

අද (30) බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ 10 වෙනි සංවත්සරය නිමිත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබේ.

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු කිරීමට සකස් වූ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයත් දැන් ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ පසෙකලා වින්දිතයින්ට හිංසා කරමින් සිටින බවයි සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි.

තරුණයින් 11 දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියට චෝදනා ලබා සිටි හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ එයින් නිදහස් වීම තුළ මෙරට අධිකරණ පද්ධතියෙන් ද යුක්තියක් ඉටු වීම පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...