කාලය ගත කරනවා මිස ලංකාවේ ආණ්ඩු අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකරන්නේ නැහැ – සන්ධ්‍යා එක්නැළිගොඩ

වින්දිතයින් හිංසනයට හා බියට පත්කරමින් කාලය ගත කරනවා මිස ශ්‍රී ලංකාවේ ආණ්ඩු අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු නොකරන බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි.

අද (30) බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ 10 වෙනි සංවත්සරය නිමිත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබේ.

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු කිරීමට සකස් වූ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයත් දැන් ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ පසෙකලා වින්දිතයින්ට හිංසා කරමින් සිටින බවයි සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි.

තරුණයින් 11 දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියට චෝදනා ලබා සිටි හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ එයින් නිදහස් වීම තුළ මෙරට අධිකරණ පද්ධතියෙන් ද යුක්තියක් ඉටු වීම පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...

මේ පොලිස් ගුරුසිංහ පෙර කළ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද ?

ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන්...

බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...