දින 100ක් අත්අඩංගුවේ සිටි සිසු ජන ක්‍රියාකාරීන් ඇප මත නිදහස්

කොතලාවල පනතට එරෙහි විරෝධතාවට සහභාගි වීම නිසා අත්අඩංගුවට ගත් සිසු ජන ක්‍රියාකාරීන් පස්දෙනා හෝමාගම මහාධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

අගෝස්තු 3 වනදා පවතී විරෝධතාවයේදී පොදු දේපළ වලට හානිකළ බවට චෝදනා කරමින් චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි, වසන්ත මුදලිගේ, හේෂාන් හර්ෂණ, අමිල සන්දීප යන අය දින 100ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

මෙයින් පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි පොලිසිය නගන චෝදනා වලට සාක්ෂි නොමැතිව අත්අඩංගුවේ තබා ගෙන සිටින ලදී. කෝෂිලා හංසමාලිගේ නම පොලිසිය විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් නොවීමේ තත්වයක්ද තිබුණි.

මීට අමතරව අදාළ විරෝධතාව සංවිධානය කළ ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ ශිෂ්‍ය නායකයන් ලෙස අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප මෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණ සිදුකළ බව කියන පොදු දේපල අලාභය රු. 179,000ක් බව පොලිසිය පවසා ඇති නමුත් ඒ මුදලට අදාළ අලාභය ගණනය කළ ආකාරය ඔප්පු කිරීමට පොලිසියට නොහැකි තත්වයක් පැවතුනි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...